උතුරේ ක්‍රියාත්මකබව පැවසෙන ආවා නමැති කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත ගොඩනැගූ කල්ලියක් බවත් එය ගොඩනැගූ බ්‍රිගේඩියර්වරයා තමන් දන...
උතුරේ ක්‍රියාත්මකබව පැවසෙන ආවා නමැති කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත ගොඩනැගූ කල්ලියක් බවත් එය ගොඩනැගූ බ්‍රිගේඩියර්වරයා තමන් දන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගිය සමයේ ක්‍රියාත්මකවූ වෙනත් ද්‍රවිඩ කල්ලි මර්දනය කිරීමේ අරමුණින් මෙවන් කණ්ඩායම් බිහිකරන්නට ඇති නමුත් ඒවා වර්තමානයට අවශ්‍ය නොමැති බවත් වර්තමානයේ පවා ඒවා ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ අවශ්‍යතා අනුව බවත් අමාත්‍යවරයා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ,ඊයේ (02)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
අනෙක් අතට ඒවා ඒ කාලයේ හැදීමේ වැරැද්දක්ද තමා නොදකින බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම සංවිධානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ගොඩනැඟී ඇත්තේ ද්‍රවිඩ චිත්‍රපට බැලීමෙන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීයෙකු විසින් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මැර කල්ලි සෑදීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම ඒ ආකාරයෙන් විය හැකි බවයි.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS