මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා ඊට අගමැතිවරයාගේ සම්බන්ධය සොයා බැලීමට සියලු පක්‍ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කර...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා ඊට අගමැතිවරයාගේ සම්බන්ධය සොයා බැලීමට සියලු පක්‍ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පවසයි.
මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්‍ෂණ නිසියාකාරව කෙරෙනවාද කියා සොයා බැලීමට මේ හරහා ඉඩ ලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය හා පොලිස්‌පතිවරයා ගන්නා පියවර අධීක්‍ෂණය කරමින් පියවරින් පියවර හෙළිදරව් කර අවසානයේ අධිකරණයට ගෙනයෑමට ගන්න පියවර මෙමගින් අධීක්‍ෂණය කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS