දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංගම දුරගමන් සේවා ආසන වෙන් කිරීමට SLTB EXPRESS එයි.
Homeගොසිප්

ලංගම දුරගමන් සේවා ආසන වෙන් කිරීමට SLTB EXPRESS එයි.

PropellerAds

ජංගම හෝ ස්ථාවර දුරකථන මගින් ශ්‍රී  ලංගම දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කරවා ගැනීම සඳහා SLTB EXPRESS සේවාව හඳුන්දී තිබෙන බව ප්‍රවාහන හා ස...

එජාපයෙන් ජය සැමරුම් රැළියක් සඳුදා ගෝල්ෆේස් එකේ
රනිල් - දිවුරුම් දෙයි - සජීවී ආවරණයට මාධ්‍යයට ඉඩ නෑ
මාස එකහමාරේ සහායට ස්තූතියි - මහින්දගෙන් මෛත්‍රීට ලිපියක්


ජංගම හෝ ස්ථාවර දුරකථන මගින් ශ්‍රී  ලංගම දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කරවා ගැනීම සඳහා SLTB EXPRESS සේවාව හඳුන්දී තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මගීන්ට නිවසේ හෝ කාර්යාලයේ සිටම ආසන වෙන් කර ගැනීමට හැකි බවත් ඒ වගේම මේ නව තාක්ෂණික ක්‍රවේදය තුළින් තැරැව්කරුවන්ගේ සහයක් නැතුව කාලය ඉතිරි කර ගනිමින් තදබදයකින් තොරව මගීන්ට ආසනයක් වෙන් කර ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ක්‍රමය තුළින් ශ්‍රී ලංගමයටත් ඉතාමත් පහසු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේදී  SLTBEXPRESS ක්‍රමය තුළින් ශ්‍රී ලංගම බස්රථවල ආසන වෙන් කරවා ගැනීම නවීන තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා පැවති උත්සවයේදී අමාත්‍යවරයා අද (16) මේ බව සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම දුරකථන හා පරිගණක ඔස්සේ SLTB ExpressApp (යෙදුම) භාවිතා කරමින් ඕනෑම අයකුට තම නිවසේ සිට කොළඹ-පිටකොටුව මධ්‍යම බස්නැවතුම් පොළින් ආරම්භ වන දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව බස්රථය තුළ තමන් කැමති ආසනයක් වෙන් කරවා ගැනීමට ද මගී ජනතාවට හැකි වනු ඇත.

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංගමය මෙම සේවාව ආරම්භ කර ඇත්තේ දෛනිකව මගී ජනතාව පිට කොටුව මධ්‍යම බස්නැවතුමට පැමිණ තම ආසන වෙන්කර ගැනීමට වැය කරන කාලය හා ශ්‍රමය නාස්තිවීම සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ තුළින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා වන කවුළු නඩත්තු කිරීම මහා සේවක ගෙවීම් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට වැය වන පරිපාලනමය වියදම් අවම කරගැනීමට හැකියාව ද ලැබෙනු ඇත.

Express 418 පුද්ගලික සමාගම හා ඒකාබද්ධව ලංකා ගමනාගමන මණ්ඩලය මෙම දත්ත පද්ධතිය සකසා ඇති අතර, තමන් ජංගම දුරකථනයෙන් SLTB ExpressApp හරහාවෙන් කරගත් ආසනයේ අංකය බස් රථයේ කොන්දොස්තරවරයාට පෙන්වීමෙන් අනතුරුව අදාළ ආසනය තමාට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා මගීයාට ඊ-ටිකට්පතක් ද නිකුත් කරනු ඇත.

මෙහි දෙවැනි අදියර යටතේ කොළඹින් පිට ප්‍රධාන නගර අතර ගමන් ගන්නා දුර ගමන් සේවා බස්රථවල ආසන වෙන් කිරීමේ හැකියාවද ඉදිරියේදී ලැබෙනු ඇත.

මෙම ආසන වෙන් කර ගැනීමේදී ගමනට අදාළ ගාස්තුවට අමතරව රුපියල් 80 වැඩි පුර මුදලක් මගියාට ගෙවීමට සිදු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කරයි.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදය තවදුරටත් ප්‍රගුණ කිරීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා  පුද්ගලික අංශය සඳහාද මේ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කළේය.

එය ජාතික ගමනාගමන කොමිසන් සභාව හරහා කළ හැකි බවත්  මැරයන් දාගෙන බස් ධාවනය කළ කාලය අවසන් කළ යුතු බව  ද අමාත්‍යවරයා වැඩිදුටත් අවධාරණය කළේය.

බස් වෙන් කිරීමේ ගාස්තුව අඩු කරන්න: බස් මගීන් ඉල්ලයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සිය සුබ පැතුම් එක් කර තිබෙන අතර ඒ වෙනුවෙන් පණිවිඩයක් කරමින් පවසන්නේ එම සේවාව ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය බස් ගාස්තුවට අමතරව අය කිරීමට නියමිත රුපියල් 80ක මුදල තවත් අඩු කිරීමට හැකි නම් යහපත් වන බවයි.


තවදුරටත් එම සංගමය පවසන්නේ ශ්‍රී ලංකාව කලාපය තුල ප්‍රමුඛතම මහජන කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතිය සහිත රට බවට පත්කිරීමේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ දැක්ම වඩා ප්‍රායෝගික තලයක ගෙන ඒමට නම් නව තාක්ෂණික ක්‍රමවේදයන් වෙත ජනතාව නැඹුරු කිරීමට කටයුතු කල යුතුයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය







Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගම දුරගමන් සේවා ආසන වෙන් කිරීමට SLTB EXPRESS එයි.
ලංගම දුරගමන් සේවා ආසන වෙන් කිරීමට SLTB EXPRESS එයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpLQaPik2aePvZ51DZKhhHkuEStxyLtPgBL_NsziGong7HIsyi10iqDGnJ8exnq90vIQwgyKOXdtqY7vcfv0lD-Tyy8W9M2fAXRBTco780lfSOtItyYjuW6umexB7SiXAR1SMxb4u-bPE/s1600/sltb+express+app.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpLQaPik2aePvZ51DZKhhHkuEStxyLtPgBL_NsziGong7HIsyi10iqDGnJ8exnq90vIQwgyKOXdtqY7vcfv0lD-Tyy8W9M2fAXRBTco780lfSOtItyYjuW6umexB7SiXAR1SMxb4u-bPE/s72-c/sltb+express+app.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/sltb-express.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/sltb-express.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy