ජුලි 05 වනදාට යෙදී ඇතැයි සැලකෙන කලු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින්ද ඊයේ (05) රාත්‍රියේ කලු කොටි දිනය සමරා...
ජුලි 05 වනදාට යෙදී ඇතැයි සැලකෙන කලු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින්ද ඊයේ (05) රාත්‍රියේ කලු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබූණි.
යාපනය විශ්වවිද්‍යාලයේ යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය අසලදී සිසුන් පිරිසක් විසින් රහසිගතව ඊයේ සවස සහ රාත්‍රියේ සරසවියේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේදී මෙම කලු කොටි දින සැමරුම සමරා ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලබයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS