රට මුහුණදී ඇති මුල්‍ය අර්බුදය හමුවේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය අද (27) කථානායකවරයා...
රට මුහුණදී ඇති මුල්‍ය අර්බුදය හමුවේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය අද (27) කථානායකවරයාගෙන් ඉල්ලා සිට ඇත.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මෙසේ අදහස් දැක්වීය.
“අපේ රටේ මුල්‍යායතන ගණනාවක් බංකොලොත් වෙමින් පවතිනවා. අවලංගු වන ප්‍රකාශ නිකුත් කිරීමට ඔන්න මෙන්න තියෙන්නේ. අපි පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් දැනට උද්ගත වී ඇති මුල්‍ය අර්බුදයේ උත්සන්නභාවය නිසා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරනවා. ඒකාබද්ධ විපක්ෂය විදිහට කැබිනට් මණ්ඩලය රැස්වුණාට විසඳුමක් නැහැ. මුල්‍ය බලය ව්‍යවස්ථාවෙන් තිබෙන්නේ පාර්ලිමේන්තුවට”
COMMENTS