වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු ඊයේ (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේ...
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු ඊයේ (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
අවුරුදු 26 , අවුරුදු 31 සහ අවුරුදු 26 යන වයස් වල පසුවන මොවුන් , මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුන්ගෙන් දෙදෙනෙකු ඊයේ (05) දින උදෑසන 9.40 ට පමණ ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව් .වයි.- 376 දරන ගුවන් යානයෙන් මස්කට් හරහා ඩුබායි වෙත යෑමටත් , අනෙක් 31 හැවිරිදි පුද්ගලයා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ඍජුවම යෑමටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල රුපියල් 72,21,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්රෑම් 82 යි ග්රෑම් 550 ක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම වල්ලපට්ටා ඩුබායි හී කර්මාන්තශාලාවල සුවද විළවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවට කරුණු අනාවරණය වී තිබේ .
සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර මාර්ක් ඇන්ටනි සහ චමිදු සමරකෝන් යන මහත්වරුන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.
ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය සහ ඕ.ජේ.ඔබේසේකර , රේගු අධිකාරී එස්.රවිකුමාරන් යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS