හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස්ගත වීම කුමන්ත්‍රණයක් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ මහතා මේ ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස්ගත වීම කුමන්ත්‍රණයක් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී මේ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දැන් ගෝඨාභය මහත්තයා රටින් ගියා. ඇයි ගෝඨාභය මහත්තයා රට ඇරලා ගියේ? මේ මැතිවරණ එනකොට රාජපක්ෂ පවුලේ අය කුමන්ත්‍රණයක් කරා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හිරේට දාලා ජනාධිපතිතුමාවයි, අපිවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අප කීර්තියට පත් කරන්න ලොකු උත්සාහයක් ගත්තා. මේක කුමන්ත්‍රණයක්. බැරි තැන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාට කතා කරලා කිව්වා ගෝඨාභය මුන් එකතු වෙලා කුමන්ත්‍රණය කරලා මන් නැති වෙලාවක ඔයාව හිරගෙට යවයි. ඒ නිසා ඔයා ගන්න තීන්දුවක් ගන්න කියලා. තමන්ගේ සහෝදරයෝම තමන්ගේ සහෝදරයව හිරගෙට දාලා දේශපාලන වාසි ගන්නවා නම් මොකක්ද කරන්නේ? ඒ නිසා එතුමා තීන්දු කළේ ලංකාවේ ඉන්නවද?, පිටරට ඉන්නවද? කියලා.”
COMMENTS