දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොතරැයි අලෙවිය පහළට.
Homeගොසිප්

ලොතරැයි අලෙවිය පහළට.

PropellerAds

2016 වසරේ දී රුපියල් මිලියන 19,427 ක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ පිරිවැටුම 2017 වසරේ දී රුපියල් මිලියන 16,015 ක් දක්වා සියයට 18 කින් අඩු වී...

ටයර් අපනයන ආදායම ඉහළට.
සංවර්ධන ව්‍යාපෘතිවල ඵලදායිතාව ඇගයීමට ජාතික ප්‍රතිපත්තියක්!
Euro 4 අද සිට.


2016 වසරේ දී රුපියල් මිලියන 19,427 ක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ පිරිවැටුම 2017 වසරේ දී රුපියල් මිලියන 16,015 ක් දක්වා සියයට 18 කින් අඩු වී ඇති අතර මේ සඳහා 2017 වසරේ මුල් මාස කිහිපය තුළ ලොතරැයි අලෙවිය පහත වැටීමත්, ලොතරැයි සඳහා බද්දක් පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස ලොතරැයි පතක මිල රු. 20/- සිට රු. 30/- ක් දක්වා වැඩි කිරීමට සිදුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ අයවැයගත හා ඇස්තමේන්තුගත විකුණුම් අතර වෙනස ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,827 ක්වූ අතර 2017 වසරේ මුල් කාර්තුව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයට සපුරා ගත හැකි වූයේ අයවැයගත විකුණුම්වලින් සියයට 65 ක් පමණි.

ජාතික ලොතරැයි මණ්ඩලය සතුව නියෝජිතයන් හා විකුණුම්කරුවන් 3,000 පමණ සමන්විත පුළුල් නියෝජිත ජාලයක් පවතී.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2016 වසරේ දී ප්‍රදානය කරන ලද ත්‍යාග වටිනාකම රුපියල් මිලියන 9,733 ක්වූ අතර එය 2017 වසරේ දී රුපියල් මිලියන 7,995 ක් දක්වා සියයට 18 කින් අඩු වී ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 2017 ක් ඒකාබද්ධ අරමුදලට ලබා දී ඇති අතර එය 2016 වසර සමඟ සැසඳීමේ දී සියයට 18 ක අඩු වීමකි.

මේ අතර සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ පිරිවැටුම 2017 වර්ෂය තුළ දී රුපියල් මිලියන 13,771 ක්වූ අතර 2016 වසර සමඟ සැසඳීමේ දී එය සියයට 7.7 ක සුළු අඩු වීමකි.

2017 වසරේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට කළ දායකත්වය රුපියල් මිලියන 502 ක්වූ අතර 2016 දී සිදුකළ දායකත්වය හා සැසඳීමේ දී සියයට 72 ක අඩු වීමකි.

2017 වසරේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි සඳහා බදු ලෙස රුපියල් මිලියන 111 ක් ගෙවීම් කර ඇත.

2017 රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොතරැයි අලෙවිය පහළට.
ලොතරැයි අලෙවිය පහළට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVrxO4F5ag-f61ZfRbqJNdKEOz0ttGuJaAYhEfIcf9eVJsMPIZzQJ-WMV7lLOsXa4QKAHeT8JYDv9VbUh2MG9VK6dYVrqIREwaSgj1V0AVv90pdxiCK3VeGOMU3d1pa7ycJ8EhxlNKb-s/s1600/National+Lotteries+Board+revenue%252C+prize+money+declared+down+by+18%2525+in+2017.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVrxO4F5ag-f61ZfRbqJNdKEOz0ttGuJaAYhEfIcf9eVJsMPIZzQJ-WMV7lLOsXa4QKAHeT8JYDv9VbUh2MG9VK6dYVrqIREwaSgj1V0AVv90pdxiCK3VeGOMU3d1pa7ycJ8EhxlNKb-s/s72-c/National+Lotteries+Board+revenue%252C+prize+money+declared+down+by+18%2525+in+2017.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_965.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_965.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy