2018 අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2017 අප්‍රේල් මාසයේ අපනයන ආදායමට සමානව එක්සත් ජනපද ඩොලර් මිලියන 795 ක් ලෙස නොවනස්ව පැවතුණ...
2018 අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2017 අප්‍රේල් මාසයේ අපනයන ආදායමට සමානව එක්සත් ජනපද ඩොලර් මිලියන 795 ක් ලෙස නොවනස්ව පැවතුණි.
කාර්මික අපනයන ආදායමෙහි සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද කෘෂිකාර්මික සහ ඛනිජම අපනයන ආදායම පහත වැටුණි.
කාර්මික අපනයන සැලකූ විට එළවළු, පලතුරු හා ධාන්‍ය සැකසුම් යටතේ වර්ක කර ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදිත අපනයන ඉහළ යෑම හේතුවෙන් ආහාර, පාන වර්ග හා දුම්කොළ අපනයන ආදායම ඉහළ ගියේය.
නැව් හා ගුවන්යානා සඳහා භාවිතා කරන ඉන්ධනවල මිල ගණන් ඉහළ යෑම සහ බන්ධන අපනයන පරිමාව සුළු වශයෙන් ඉහළ යෑම මධ්‍යයේ වුවද ඛනිං තෙල් නිෂ්පාදිත ආපනයන ආදායම ඉහළ ගියේය.
ටයර් අපනයන ආදායම ඉහළ යෑම හේතුවෙන් රබර් නිෂ්පාදිත අපනයන ඉහළ ගියේය.
මීට ප්‍රතිවිරුද්ධව 2017 ජූනි මාසයට පසුව ප්‍රථම වරට රෙදිපිළි හා ඇඟලුම් අපනය ආදායම පහත වැටුණි. 2017 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2018 අප්‍රේල් මාසයේ දී ඇමරිකා එක්සත් ජනපදය සහ සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම පහළ ගිය ද, යුරෝපා සංගමය වෙත අපනයනය කළ ඇඟලුම් මගින් ලද ආදායමෙහි සුළු වර්ධනයක් පෙන්නුම් කළේය.
තවද 2018 අප්‍රේල් මාසයේ දී ප්‍රවාහන උපකරණ ආපනයන ආදායම පහත වැටුණු අතර, 2017 අප්‍රේල් මාසයේ දී භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන යාත්‍රාවක් අපනයනය කිරීමෙන් වූ පදනම් බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
කුළුබඩු, සුළු කෘෂිකාර්මික නිෂ්පාදික සහ පොල් මද ආශ්‍රිත නිෂ්පාදිතවල ක්‍රියාකාරිත්වය පහළ යෑම ද කෘෂිකාර්මික අපනයන පහත වැටීම සඳහා දායක විය.
කෙසේ වුවද, මුහුදු ආහාර යටතේ වන සියලුම උප කාණ්ඩ මගින් ලද ආදායම ඉහළ ගිය අතර, සාමාන්‍ය අපනයන මිල ගණන් පහත වැටුණ ද අපනයන පරිමාව ඉහළ යෑම හේතුවෙන් තේ අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය 2018 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා ප්‍රධාන වෙළෙඳපොළ ලෙස පැවති අතර, එම රටවල් වෙත සිදු කරන ලද අපනයන මුළු අපනයන ආදායමෙන් සියයට 49 ක් පමණ විය.
COMMENTS