දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන ඇමතිකමෙන් නෙරපන්නැයි බලපෑම්?
Homeගොසිප්

අර්ජුන ඇමතිකමෙන් නෙරපන්නැයි බලපෑම්?

PropellerAds

කැබිනට් මණ්ඩලය විසින් පත් කල සිව් පුද්ගල කමිටුවක තීන්දුව මත ඉන්ධන මිල සූත්‍රය හරහා ඉන්ධන මිල සංශෝධනයට පත් කල යුතු බවට ජනාධිපතිවරයාගේ ප්‍...

මැන්ඩෙලා ගිය මඟ යාමට ලෝක නායකයන්ට ජනපතිගෙන් ආරාධනා : ජනපති අද එ.ජා. මහ සැසිය අමතයි.
කාදිනල්ගේ මානව හිමිකම් විරෝධයට බැට : ඇමැති මංගලගෙනුත් ප්‍රහාරයක්.
අසල්වැසියන්ට වඩා ලංකාවේ රුපියලේ තත්ත්වය යහපත්!


කැබිනට් මණ්ඩලය විසින් පත් කල සිව් පුද්ගල කමිටුවක තීන්දුව මත ඉන්ධන මිල සූත්‍රය හරහා ඉන්ධන මිල සංශෝධනයට පත් කල යුතු බවට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය ගත් තීරණයට එරෙහිව කටයුතු කල ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහාම කැබිනට් මණ්ඩලයෙන් නෙරපන්න ලෙස  ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරන්නැයි එජාප ඇමතිවරුන් පිරිසක් අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් තිබේ.

එම ඇමතිවරුන් පිරිස ඊයේ අගමැතිවරයා හමුවී එම යෝජනාව ඉදිරිපත් කර ඇත. 

ඉන්ධන මිල සම්බන්ධයෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 'හිරු; ගුවන් විදුලිය වෙත අදහස් දක්වමින් යළි අවධාරණය කළේය.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා ගෙන් විමසීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය සාර්ථක නොවුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි.

කැබිනට් මණ්ඩලය අනුමත ඉන්ධන මිල සූත්‍රය:

පෙට්‍රල් හා ඩීසල් මිල පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ කැබිනට් අනුමතිය මත පසුගිය මැයි මාසයේ හදුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රයට අනුවය.

ඒ අනුව, ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළ ද එම මිල ඉහළ දැමීම වැරදි බව සදහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිණ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ ඉන්ධන මිල සංශෝධනය සදහා නිර්දේශ කිරීමට පමණක් මුදල් අමාත්‍යාංශයට හැකියාව ඇති අතර, ඉන්ධන මිල වෙනස් කරන්නේ ද යන අවසන් තීරණය ගැනීමට බලය ඇත්තේ තමන්ට බවයි

කෙසේ වෙතත්, සංශෝධිත ඉන්ධන මිල අනුව ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වෙනස් නොකිරීම සම්බන්ධයෙන් මීළග අමාත්‍ය මණ්ඩලයේදී තීරණයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සිව් පුද්ගල කමිටුවක් :

මිල සූත්‍ර කමිටුව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත අතර මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකු හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයකුගෙන්ද සමන්විතය.

ඉන්ධන මිල සංශෝධනයත් සමග ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල් අදත් පැරණි මිලටම අලෙවි කළ අතර, ලංකා අයි. ඕ.සී සමාගමට අයත් ඉන්ධන හල් අද නව මිලට ඉන්ධන අලෙවි කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ කොළඹදී අදහස් පළ කරමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් සංස්ථා සභාපතිවරයාට වෙනස් කළ නොහැකි බවයි

අර්ජුන ගොලුවේ !

අනතුරුව ඉන්ධන මිල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබදව විමසීමට අප විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග ද ඇමතු අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ද ඊට නිසි පිළිතුරක් ලබා නොදුන්නේය.

අනතුරුව, අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා ගෙන් පිළිතුරක් ලබා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය ද ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි.

ඉන්ධන මිල වෙනස සතියකට වරක්:

මේ අතර  මුදල් අමාත්‍යාංශය පවසන්නේ, මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති මිල සූත්‍රය වෙනස් කර, සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි

ජනතාවට වැඩි වාසි සැලසීමේ අරමුණින් සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීම කෙරෙහි මෙසේ රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඉන්ධන මිල සංශෝධනයේදී මිල ඉහළ යන අවස්ථාවල ජනතාවට එක්වරම ඇති වන ගැටලු අවම කිරීම සඳහා මෙසේ සතියකට වරක් මිල සංශෝධනය කිරීමේ නව මිල සූත්‍රය හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

ඉන්ධන මිල සූත්‍රය හරහා ඉන්ධන මිල සංශෝධනයට පත් කළ කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවට අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ දෙමසකට වරක් මිල සංශෝධනයට වන අතර ඒ අනුව පසුගිය සිකුරාදා සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරන ලදී.

ලෝක වෙළඳපොළේ මිල හැසිරීම:

එසේ වුවත් යම් හෙයකින් සතියකින් හෝ දෙකකින් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ ගියද නව මිල සූත්‍රයට අනුව ජනතාවට එම සහනය ලබා දීමට මාස දෙකක කාලයක් බලා සිටිය යුතු හෙයින් අදාළ මිල සූත්‍ර කමිටුව විසින් සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරෙහි අවධානය යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 

මේ නිසා සතියකට වරක් මිල සංශෝධනය කළ හැකි නව මිල සූත්‍රයක් සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

මෙම සම්මත මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණනය කිරීමේදී ලෝක වෙළඳපොළේ මිල හැසිරීම මෙන්ම අමෙරිකානු ඩොලරයේ වටිනාකමද සැලකිල්ලට ගැනෙනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන ඇමතිකමෙන් නෙරපන්නැයි බලපෑම්?
අර්ජුන ඇමතිකමෙන් නෙරපන්නැයි බලපෑම්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitIYG-FEpt77aeXsWHejQjW169mbFP9sspbmDRxODfR8e7tPg5448CgxU2YsilLRLhaVf6sMguwk6VMDO9cNGYenIvjNC-WMFDSsizZwYSgaoGZZXld5HpYZBg2y7e9xgjHCk_v2mMb7o/s1600/Arjuna-Ranatunga-AFP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitIYG-FEpt77aeXsWHejQjW169mbFP9sspbmDRxODfR8e7tPg5448CgxU2YsilLRLhaVf6sMguwk6VMDO9cNGYenIvjNC-WMFDSsizZwYSgaoGZZXld5HpYZBg2y7e9xgjHCk_v2mMb7o/s72-c/Arjuna-Ranatunga-AFP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_960.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_960.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy