මහනුවර සිට දින 5ක් පුරා පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති අවසන් ජන රැලියකින් පසු ඊයේ(01) අවසාන් විය. ...
මහනුවර සිට දින 5ක් පුරා පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති අවසන් ජන රැලියකින් පසු ඊයේ(01) අවසාන් විය.
ජන සටන පාද යාත්‍රාව අවසන් දින පා ගමන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කිරිබත්ගොඩින් ඊයේ ආරම්භ වී පස්වරු 5ට පමණ එම පිරිස කොළඹ ලිප්ටන් වටරවුම ලඟා වූහ.
පසුගිය 28 වන දා මහනුවර - ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය අසළින් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව කොළඹ - නුවර මාර්ගය ඔස්සේ දින 5ක් පුරා පැමිණි අතර අවසන් දිනය වූ ඊයේ පාද යාත්‍රාව ආරම්භය වුණේ කිරිබත්ගොඩ නගරයෙනි.
පාද යාත්‍රාව අවසානයේ රැස්වීම බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විය හැකි බවට දැනුම් දෙමින් ලිපියක් ද පොලීසිය ඊයේ පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නාරාහේන්පිට අභයාරාමයේදී භාර දී තිබිණි. අදාළ ලිපිය හිටපු ජනාධිපතිවරයා විසින් භාරගෙන ඇත.
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පා ගමන ආරම්භ කිරීමට පෙර කිරිබත්ගොඩ බස් නැවතුම්පොළ ආසන්නයේදී ජන හමුවක් ද පැවැති අතර අනතුරුව ආරම්භ වූ පාද යාත්‍රාව, දළුගම, කැළණිය, පෑලියගොඩ ඔස්සේ පස්වරු 2ට පමණ කැළණි පාලම මතින් කොළඹ නගරයට ඇතුළු විය.
පසුව බේස්ලයින් මාර්ගය, මාළිගාවත්ත, පංචිකාවත්ත, මරදාන පසු කරමින් ඉදිරියට පැමිණි අතර මරදාන පසු කරමින් පා ගමනින් පැමිණි පිරිස් ඩාර්ලි පාර ඔස්සේ ඉදිරියට පැමිණියේය. එහිදී එම මාර්ගයේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේදී ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් ‘හූ‘ කියමින් ගමන් කළහ.
අනතුරුව පා ගමන ඉබ්බන්වල හන්දිය ඔස්සේ ලිප්ටන් රවුමට පිවිසි අතර, එහිදී පැවති රැස්වීම නිසා කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් පැවතිණි.
මේ හේතුවෙන් කොළඹ නගර ශාලාව දෙසට පිවිසෙන වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යැවීමට කටයුතු යොදා තිබිණි. කෙසේ වෙතත් ජනතාව දැඩි අපහසුතාවට ලක් විය.
COMMENTS