දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංචාරක හිතැති ත්‍රිරෝද රථ සඳහා පොලී රහිත ණයක්.
Homeගොසිප්

සංචාරක හිතැති ත්‍රිරෝද රථ සඳහා පොලී රහිත ණයක්.

PropellerAds

සංචාරක හිතැති ත්‍රිරෝද රථ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ල...

පුෂ්පිකාට දරු සම්පත්
Artists at Sena Ayya's Event
ඩයනා කුමරිය හැරී හා විළියම් සමග - විරල ෆොටෝ


සංචාරක හිතැති ත්‍රිරෝද රථ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මීට අමතරව  දැනට පවතින ඉන්ධන රථයෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ වෙත මාරු වන රියදුරු මහතුන් වෙනුවෙන් ද විශේෂ සහන ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සංචාරක මිතුරු ත්‍රිරෝද රථ සන්නාමය දියත් කිරීමේ සමාරම්භක උළෙලට එක් වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ඊයේ  (30) ගාලු මුවදොර දී පැවැත්විණි.

මෙම වැඩපිළිවෙළ යටතේ ත්‍රිරෝද රථ රියැදුරන්ට විශේෂ නේවාසික පුහුණුවක් ලබා දෙනු ලබන අතර එසේ පුහුණුව ලත් රියදුරන් සහ අදාළ ප්‍රමිතීන්ට අනුව සකස් කළ ත්‍රීරෝද රථ සඳහා හඳුනා ගැනීමේ පුවරු ලබා දීම ද සිදු කෙරේ.

උත්සවයේ දී අදහස් දැක් වූ මංගල සමරවීර අමාත්‍යවරයා  -

2018 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අයවැය මගින් රුපියල් මිලියන 50ක් පළමු අදියර සඳහා වෙන් කරල තියෙනවා.  ඔවුන් මේ රටේ දෛනික ජීවිතයේ දී ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන පිරිසක්, නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරද්දි කවදාවත් ඔවුන්ගේ සේවය පිළිබඳ ඇගයීමක් හෝ හඳුනා ගැනීමක් සිදුවෙලා තිබුණේ නැහැ.  ඇත්තට ම කිව්වොත් දැනට රටපුරා ත්‍රීවිල මිලියන 1.3 ක් විතර තියෙනවා. ඒවායින් ලක්ෂ 8 ක් විතර එදිනෙදා මහජන ප්‍රවාහන සේවයට යොදවලා තියෙනවා. ඒ වගේම, කොළඹ නගරය තුළ විතරක් ත්‍රී විල් රථ 60,000 ක් විතර තියෙන බව සොයාගෙන තියෙනවා. අපේ අරමුණ මේ අය ආර්ථික වශයෙන් බල ගැන්වුනු  පිරිසක් බවට පත් කර ගැනීමයි.

ඒවගේම අපේ රටේ ජාතික ආර්ථකයේ තුන්වෙනි වැඩිම ආදායමක් ගෙනෙන අංශය තමයි සංචාරක අංශය.  එතෙන්දි අපිට පෙනී යනවා මේ රටට එන සංචාරකයින් ඔවුන්ගේ ගමනේ වැදගත් කොටසක් විදියට ත්‍රීවිල් එකක නැගලා ටුක් ටුක් සංචාරයක් යාමට විශාල කැමැත්තක් දක්වන බව.  මේ වැනි සංචාරකයින්ගේ පැමිණීම පහුගිය අවුරුදු දෙක තුන තුළ ඉතා විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා.

උදාහරණයක් විදියට 2017 අවුරුද්දේ ලංකාවට විදේශ සාංචාරකයින් මිලියන 2.1 ක් පමණ ඇවිල්ලා තියෙනවා.  ඔවුන්ගෙන් රටට ලැබුණු ආදායම් ඩොලර් බිලියන 4 කට ආසන්නයි.   2020 වෙනකොට රටට එන සංචාරකයින් ප්‍රමාණය මිලියන 4.2 දක්වා වැඩිකරගෙන ඔවුන්ගෙන් ලැබෙන ආදායම් ඩොලර් බිලියන 7 ක් දක්වා වැඩිකර ගැනීම අපේ සැලැස්මක්.

විශේෂයෙන් ම ලංකාවට එන සංචාරකයො බැලුවොත් බටහිර යුරෝපයෙන් එන තරුණ පිරිස මෑතකදී ගොඩක් වැඩිවෙලා තියෙනවා.  ලංකාවට එන මුලු සංචාරකයින් අතරින් 32% ක් විතර මේ අය. ඔවුන් තරුපහේ හෝටල්වල ඉන්නවට වැඩිය සාමාන්‍ය ගෙදරක නැවතිලා ටුක් ටුක් එකකින් ගමනක් ගිහින් අපේ ආහාර පාන රසවිදලා සාමාන්‍ය ජනතාවත් එක්ක ජීවිතය බෙදා හදාගෙන යන්න වැඩි කැමැත්තක් තියෙන බව පේනවා.

නමුත්, මේ ක්ෂේත්‍රයේ ක්‍රමවත් බව අඩුකම නිසා එහෙම නැත්නම් සමහරුන් හිතුමතේට ගණන් අය කරන නිසා  සමහර වෙලාවට මේ එන සංචාරකයින් කලකිරීමට පත්වෙන්නත් පුලුවන්. ඒක තේරුම් අරගෙන අපි සංචාරක ක්ෂේත්‍රයේ අසංවිධිත  ක්‍රියාකාරකම් ක්‍රමවත්ව සංවිධානය කරගෙන මේ අංශය තව තවත් සංවිධිත බවට පත්කරන්න කටයුතු කරමින් යනවා.

අද වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවක  750 කට වැඩි ටුක් ටුක් රියදුරන්ට නේවාසික පුහුණුවක් ලබාදීලා ඔවුන් සංචාරක මඟපෙන්වන්නන් වශයෙන් තමන් ජීවත් වන ප්‍රදේශවලම ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්න අපි ඉඩකඩ සලසලා තියෙනවා. අපේ සංචාරක සංවර්ධන අධිකාරියෙන් පුහුණුව ලබාදෙන සංචාරක හිතවාදී ටුක් ටුක් රියදුරන්ට විශේෂ හැඳුනුම්පතක්, සංචාරක හිතැති නිල මුද්‍රාවක්, ඒ වගේම සහතිකයක් ලබා දෙනවා. මේ සියලු ටුක් ටුක් තිබිය යුතු අවම ප්‍රමිතියක් වගේම Wifi පහසුකම්, ඒ වගේම අදාළ ප්‍රදේශවල මාර්ග සිතියම්, වැදගත් සංචාරක ස්ථාන පිළිබඳව විස්තරත් ලබාගත හැකියි. ඒ සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

ඇත්තෙන්ම, මේ වැඩසටහන තුළින් අපි ඔබ සියලු දෙනාටම වෘත්තීය අභිමානයක් ලබාදීලා තියෙනවා. එතනදි අපි බලාපොරොත්තු වෙනවා ඔබලා සියලු දෙනාම මේ රටට පැමිණෙන සංචාරකයින් ගෞරවනීය අමුත්තන් ලෙස ඔවුන් රැකබලා‍ගෙන සුරක්ෂිතව තමන්ගෙ නිවාඩුව ලංකාවේ ගතකරල ආපහු ගෙවල් දොරවල් කරා යන්න ඔවුන්ට උදව් කරයි කියලා.

අපේ වැඩසටහන මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි ඔබතුමන්ලාට විදුලි බලයෙන් ධාවනය වන ටුක් ටුක් රථ ලබාදෙන කාලය වැඩි ඈතක නැහැ.  ඒ සඳහා අපි ජපාන රජයත් එක්ක එකතුවෙලා වැඩසටහනක් ආරම්භ කළා. ඒ තුළින් පරිසර හිතවාදි, සංචාරක හිතවාදී ත්‍රීවිල් රථ ව්‍යවසායකයින් බවට ඔබ සැමට පත්වෙන්න පුළුවන්.  2035 වෙද්දි ඉන්ධනවලින් තොර රථවාහන හඳුන්වල දීම සඳහා ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයකට මාරුවන පිරිස සඳහා විශේෂ සහන ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා.   ඒ වගේම ඔබගේ බිරිඳ වෙනුවෙනුත් අපි ව්‍යවසායක අලුත් වැඩසටහනක් හඳුන්වා දෙනවා. ඒ තුළින් Enterprise Sri Lanka අඩුපොලී ණය යෝජනා ක්‍රම යටතේ ඔබගේ බිරිඳටත් පවුලේ ආර්ථිකයේ වැදගත් මෙහෙවරක් ඉෂ්ඨ කරන්න ඉතා ඉක්මනින් අපි මඟ පාදන බව මතක් කරන්න කැමතියි. මේ උත්සවය සංවිධානය කිරීම පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියටත් විශේෂයෙන් කාවන් රත්නායක මැතිතුමාටත්  මා ස්තුති වන්ත වෙනවා.  ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මැතිතුමාටත් මගේ විශේෂ ස්තුතිය පිරිනමන්න කැමතියි යැයි ද මංගල සමරවීර ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට ජොන් අමරතුංග, හර්ෂ ද සිල්වා, සාගල රත්නායක යන මැති ඇමැතිවරු ද කොළඹ පුරපතිනී රෝසී සේනානායක මහත්මිය ද එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංචාරක හිතැති ත්‍රිරෝද රථ සඳහා පොලී රහිත ණයක්.
සංචාරක හිතැති ත්‍රිරෝද රථ සඳහා පොලී රහිත ණයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY-zviRaFcUFt7wP6ECrk99eUL_x0Gc8rDKJDf_NyPWebZ47_mOl4aTC6E1WlQIhq8RsMVxzQTlAjAY0CU-4GH8iD8iEBnvuVNn2epRMYDqS3veOlmw9YDNyLoTIlDPmetI5Kufh77DSBg/s1600/tuktuk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY-zviRaFcUFt7wP6ECrk99eUL_x0Gc8rDKJDf_NyPWebZ47_mOl4aTC6E1WlQIhq8RsMVxzQTlAjAY0CU-4GH8iD8iEBnvuVNn2epRMYDqS3veOlmw9YDNyLoTIlDPmetI5Kufh77DSBg/s72-c/tuktuk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_926.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_926.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy