ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම අද (24) සිට දිවයින පුරා පිහිටි රජයේ ඔසු සල් හා නියෝජිත ...
ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම අද (24) සිට දිවයින පුරා පිහිටි රජයේ ඔසු සල් හා නියෝජිත ඔසු සල් වල ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ යටතේ රජයේ ඔසු සල් 32 ක හා නියෝජිත ඔසු සල් 130 ක අඩුකරන ලද මිල ගණන්වලට එම බෙහෙත් වර්ග අද සිට රෝගීන්ට ලබාගත හැක.
මෙම බෙහෙත් වර්ග 48 ක මිල අඩුකිරීම ක්‍රියාත්මක නොකරන පෞද්ගලික ඔසු සල් වැටලීමට කටයුතු කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත ඊයේ (23) නියෝග කර ඇත. මෙම වැටලීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන් හා ආහාර පරීක්‍ෂකවරුන් යොදා ගන්නා ලෙසත් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහය ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
බෙහෙත් මිල අඩුකිරීමේ ගැසට් පත්‍රිකා මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට බෙහෙත් අලෙවි නොකරන ඔසු සල් සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වාදීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍යාංශය පවසයි.
බෙහෙත් මිල අඩුකිරීම ප්‍රකාශ කිරීමත් සමගම ඇතැම් බෙහෙත් සමාගම් කෘතිම බෙහෙත් හිඟයක් මවා පෑමට උත්සාහ දැරීම හේතුවෙන් ඉදිරි මාස තුනක කාලය සඳහා රෝගීන්ට නිකුත් කිරීමට අවශ්‍ය බෙහෙත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව හා වෛද්‍ය සැපයුම් අංශය විසින් මේ වන විට රැස්‌කර තබාගෙන තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
COMMENTS