දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගැන අකිල හෙළි කරයි
Homeප්‍රවෘත්ති

පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගැන අකිල හෙළි කරයි

PropellerAds

වර්ජන සිදුකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටින පරිදි අසාධාරණ හේතු දක්වමින් ඇතැම් වෘත්තීය සමිති විසින් පාසල් අධ්‍යාපන පද්ධ...

ජෙයරාජ් ඝාතන නඩුවෙන් ලක්ෂ්මන් කුරේ නිදොස් කොට නිදහස්! මොරිසුත් නිදහස්!
"මම ඉපදෙනෙකොට මේ රට කාටවත් ණය නෑ…" - ජනපති IMF නියෝජිතයන්ගේ ණය පිළිගනිමින් කියයි!
සති දෙකකට පත් කළ ඇමැති මණ්ඩලය දිගටම ගෙනියන්න රනිල් තීන්දු කරයි!
පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගැන අකිල හෙළි කරයි

වර්ජන සිදුකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටින පරිදි අසාධාරණ හේතු දක්වමින් ඇතැම් වෘත්තීය සමිති විසින් පාසල් අධ්‍යාපන පද්ධතිය බිදදැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවත් ජනතාව මේ අනතුරුදායක තත්වය නිවැරදිව හදුනාගෙන කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

ආණ්ඩු පෙරළීමට අවශ්‍ය නම් ඕනෑ දෙයක් සිදුකරන ලෙසත් දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන එපා යැයි ද අමාත්‍යවරයා වෘත්තීය සමිති සාමාජිකයින්ට දැනුම් දුන්නේය.

එළඹෙන 26 දින ගුරු වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් කැඳවා තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වෘත්තීය සමිතිවලට වෘත්තීය අයිතීන් වෙනුවෙන් කටයුතු කළ හැකි වුවත් අසාධාරණ ඉල්ලීම් මත පදනම් වී පාසල් දරුවන්ගේ අධ්‍යාපන හා විභාග කටයුතුවලට බාධා සිදුකිරීම තමන් තරයේ හෙලා දකින බව පැවසීය.

ඇතැම් අධ්‍යාපන බලධාරීන් තම වෘත්තීය බලතල යොදාගනිමින් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට හා සිසුන්ට බලපෑම් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී මෙලෙස තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන මෙම පිරිස් සම්බන්ධව තම අප්‍රසාදය පළ කළේය. එසේම වෘත්තීය අයිතිවාසිකම්වලට මුවා වී ගුරුවරුන්ට තර්ජනය කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පුළුල් විමර්ශනයක් ඉදිරියේ දී ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේම ජූලි 26 වෙනිදා පැවැත්වෙන විරෝධතාවයට සහය පළනොකර පාසලට පැමිණෙන බව පවසන ගුරුවරුන්ට විවිධ හිරිහැර හා තර්ජන කිරීම මෙන්ම අසූචි ප්‍රහාර සිදුකරන බවට ද ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී තිබෙන බව සදහන් කළ අමාත්‍යවරයා වෘත්තීය සමිති මෙවැනි පහත් තත්වයකට පත්වීම සම්බන්ධව කම පිළිකුළ ප්‍රකාශ කළේය.

පසුගිය කාලය තුළ දේශපාලන හා වෙනත් විවිධ හේතු මත රාජකාරි ස්ථානයන්හි දී පීඩාවට ලක්ව උසස්වීම්, වැටුප් වර්ධක ඇතුළු රැකියා වරප්‍රසාද අහිමි වූ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට පක්ෂ භේදයකින් තොරව විනිවිදභාවයකින් සහ නීත්‍යානුකූල පරිදි සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන විට එයට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙනයමින් රටේ අධ්‍යාපන පද්ධතිය නොමග යැවීමට ඊනියා වෘත්තිය සමිති කටයුතු කිරීම මගින් පෙනීයන්නේ අධ්‍යාපන පද්ධතිය අවුල් කිරීමේ කුමන්ත්‍රණකාරී උත්සාහයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙලෙස දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබා දුන් කිසිවකුට තනතුරු ලබා දී නැති බවත් දේශපාලන පළිගැනීම් සිදු වූ බවට තහවුරු වූ සුදුසුකම් සහිත පිරිස් වෙත ශ්‍රේණිය සහ වැටුප් පමණක් ලබා දී ඇති බවත් පැවසීය.

මෙලෙස සහන ලැබූ පිරිස් අතර ගුරු වෘත්තීය සමිතිවල නායකයින් මෙන්ම ක්‍රියාකාරකයින් බොහෝ පිරිසක් සිටින බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා වෘත්තීය සමිති එක් පැත්තකින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යහපාලන රජයෙන් ලබාදෙන සහන ලබාගනිමින් ඒ සමගම එයට විරෝධය දක්වන බව පෙන්වමින් දෙබිඩි පිළිවෙතක කටයුතු කරමින් සිටින බව ද පෙන්වා දුන්නේය.

ඔවුන් පවසන ආකාරයට නුසුදුස්සන්ට උසස්වීම් ලබාදෙන්නේ නම් වෘත්තීය සමිති කළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වා රටේ දරුවන් සහ අධ්‍යාපන පද්ධතිය විනාශ කිරීම නොව අධිකරණය හමුවට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළා. නමුත් දිගින් දිගටම රටේ අධ්‍යාපනය බිල්ලට ගනිමින් සංදර්ශන පවත්වනවා මිස සද්භාවයෙන් යුතු යුක්තිය පසිදලීමේ ක්‍රියාමාර්ගයකට ඔවුන් අවතීරණ නොවූ බව පැවසූ අමාත්‍යවරයා එක් වෘත්තීය සමිතියක් පසුගිය 11 වන දා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන කමිටුවට නුසුදුස්සන් රැසකට මේ හරහා උසස්වීම් හිමිවන බව සදහන් කරමින් ලිපියක් ලබාදෙමින් නිදසුන් ලෙස පුද්ගලයින් හත් දෙනකුගේ නම් සදහන් කරමින් ඔවුන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් නිර්දේශ කර ඇති බව සදහන් කර ඇති බව පැවසුවේය.

නමුත් මෙම ගුරු සංගමය නුසුදුසු පුද්ගලයින් යැයි නිදසුන් ලෙස මෙලෙස නම් වශයෙන් සදහන් කළ මෙම පුද්ගලයින් හත්දෙනාගෙන් පුද්ගලයින් පස් දෙනෙකුම දේශපාලන පලිගැනීම් හේතුවෙන් උසස්වීම් හෝ වෙනත් කිසිදු සහනයක් ලබාදෙන ලැයිස්තුවක හෝ නැති බව ද අමාත්‍යවරයා දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහන ලබාදීමට යෝජිත නම් ලැයිස්තුව ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය.

එසේම වෘත්තීය සමිති නිදසුන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන පන්තියට උසස්වීම් ලබාදෙන බවට සදහන් කර ඇති අනෙක් දෙදෙනාගෙන් එක් අයකු විදුහල්පති සේවයේ 1 පන්තියට හා අනෙක් තැනැත්තා විදුහල්පති සේවයේ 2 පන්තියටත් උසස්වීමට යෝජනා වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

අසාධාරණයට එරෙහිව පෙනී සිටින බව පවසන මෙම වෘත්තීය සමිති අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 852 ක් නැති වීම සම්බන්ධව හෝ ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190 ක හිගයක් තිබීම සම්බන්ධව උද්ඝෝෂණ නොකළ බවත් වර්තමාන රජය ඒවා හදුනාගෙන පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නිසි පියවර ගත් බවත් පෙන්වා දුන්නා. එසේම මෙම වෘත්තීය සමිති තරග විභාගයක් පවත්වා නිසි ක්‍රමවේදයක් අනුව පුරප්පාඩු පැවති බැවින් පද්ධතියට බදවාගත් විදුහල්පතිවරුන් 4,000 ක් අතරින් විදුහල්පතිවරුන් 3,000 ක් පළාත් සභා විසින් විදුහල්පති තනතුරේ පිහිටුවීමට ක්‍රියා නොකිරීම සම්බන්ධව එම පළාත් සභාවලට එරෙහිව මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද පෙන්වා දුන්නේය.

එබැවින් මෙම වෘත්තීය සමිති අධ්‍යාපනය තුළ අර්බුද මවා පාමින් පටු දේශපාලන වාසි ලබාගැනීම සඳහා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය බිලිබාගැනීම බව පැහැදිලි බැවින් මෙම තත්වය බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගත යුතු බව ද අවධාරණය කළේය.

කුමන අභියෝග පැවතියත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හෝ විභාග කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලුම විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා දැනුවත්ව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගැන අකිල හෙළි කරයි
පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගැන අකිල හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/a9266174bda9c180cc0e829762916e77_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_811.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_811.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy