පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ඊයේ (24) ප්‍රශ්න කිරීමක් ස...
පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ඊයේ (24) ප්‍රශ්න කිරීමක් සිදු කර තිබේ.
යාපනේ පිහිටි ඇයගේ කාර්යාලය තුළ දී ඊයේ සවස 3.00 සිට 6.30 දක්වා මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඇයගෙන් ප්‍රකාශ සටන් කර ගත් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි.
COMMENTS