කිළිනොච්චිය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර් ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයෙකු අද (23) උදෑසන 9.40 ට පමණ බිම්බ...
කිළිනොච්චිය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර් ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයෙකු අද (23) උදෑසන 9.40 ට පමණ බිම්බෝම්බයක් පත්තුවීම නිසා තුවාල ලබා තිබේ.
එම සේවකයා බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී හදිසියේම බිම්බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර තුවාල ලැබූ සේවකයා වහාම පලෙයි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
තුවාල ලැබූ සේවකයා ආරක්ෂාව වෙණුවෙන් පැළදිය යුතු සියළුම ආරක්ෂිත ඇදුම් හා පළදනා නිසි ලෙස පැලද සිටි නිසාත් ඒ ද්‍රව්‍ය සියල්ලක්ම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කොට තිබූ ඇදුම් හා පැළදුම් නිසා එම සේවකයාගේ ජීවිතයට හානියක් සිදු නොවූ බව අදාල ආයතනයේ නිලධාරියෙකු පවසා තිබේ. පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS