ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කල්ලිය “හරි මඟ” යනුවෙන් දැන් සංවිධානයක් අටවා ගැනීමෙන් ඔවුන් මෙතෙක් කල් පැමිණ ඇත්තේ වැරදි මඟේ බව ඔප්පු වි...
ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කල්ලිය “හරි මඟ” යනුවෙන් දැන් සංවිධානයක් අටවා ගැනීමෙන් ඔවුන් මෙතෙක් කල් පැමිණ ඇත්තේ වැරදි මඟේ බව ඔප්පු විනැයි තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
ඒ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වියත්මඟට තම කල්ලියෙන් ආ විරෝධය නිසා මෙලෙස වචන මාරු කළද කැලේ මාරු කලාට කොටියාගේ පුල්ලි මාරු වන්නේ නැතැයිද රාජපක්ෂලා කටයුතු කරන්නේ ලේ පිපාසයෙන් බවද ජනතාව වටහා ගෙන සිටිති යැයි මන්ත්‍රීවරයා කීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ගෝඨාභය සිංහල බෞද්ධකම ඔලුව උඩ තියාගෙන ඉන්නවා. ගෝඨාභය - විජයකලා මහේෂ්වරන් සාධාරණීකරණය කරන අයුරු මා රූපවාහිනියෙන් දුටුවා. මෙය අපේ කවුරු හරි කිව්වා නම් මහා සංඝරත්නය මෙලහකටවත් ගිනි තියාගෙන. විජයකලාට මහින්ද පාර්ශවයෙන් කොක්ක ගහන්න හදන බව මගේ හැඟීමයි. හමුදාව ඝාතනය කළ කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ලට තනතුරු දුන් යුගයක් තිබුණා. පක්ෂයක් ලෙස අප ආදර්ශයන් දෙන විට විජයකලා මහේෂ්වරන් සමඟ මහින්ද රාජපක්ෂලා, ගෝඨාභයලා පිටුපස්සෙන් කොක්ක ගහන්න හදනවා.”
“මහා සංඝරත්නය මේ ගැන අවදියෙන් සිටිය යුතුයි.ගෝඨාභය වියත් මඟ යනුවෙන් වැඩසටහනක් ගෙන ගියා. පොහොට්ටුවේ ඇතැම් කණ්ඩායම් මේ වැඩසටහනය ප්‍රසිද්ධියේ විරුද්ධ වුණා. දැන් ගෝඨාභය වියත්මඟ වෙනුවට හරි මඟ යනුවෙන් ස්ටිකර් එකක් අලවාගෙන සිටිනවා. එසේ නම් කලින් ගියේ වැරදි මගේද? හරින් ප්‍රනාන්දු මහතාත් ප්‍රාදේශීය දේශපාලනයේදී “හරි මඟ” යන වචනය භාවිත කළා. මේ වචනය එතුමාගෙන් ණයට ගත් එකක්ද? වචන මාරු කළාම කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඔවුන් ලේ මස් පිපාසයෙන් කටයුතු කරනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS