දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"වනජීවී දෙපාර්තමේන්තුව කෝටිපති ආයතනයක්" - ෆොන්සේකා හෙළි කරයි
Homeප්‍රවෘත්ති

"වනජීවී දෙපාර්තමේන්තුව කෝටිපති ආයතනයක්" - ෆොන්සේකා හෙළි කරයි

PropellerAds

රට පුරා පැතිර ඇති වන අලි උවදුර ඉදිරි වසරක කාලයක් ඇතුලත  95% ක ප්‍රමාණයක් අවසන් කිරීමට තමන් මේ වන විට බලාපොරොත්තුවෙන් සිටින බව තිරසාර  වනජී...

භාරත ඝාතන නඩුව: දුමින්ද - හිරුණිකා අධිකරණයට එයි (PHOTOS)
ධීවර ගැටළුවට මහින්ද - මංගල ඉන්දියාවට
ලසන්තගේ සිරුර ගොඩගැනීමට නියෝග

රට පුරා පැතිර ඇති වන අලි උවදුර ඉදිරි වසරක කාලයක් ඇතුලත  95% ක ප්‍රමාණයක් අවසන් කිරීමට තමන් මේ වන විට බලාපොරොත්තුවෙන් සිටින බව තිරසාර  වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා 08 දින  නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවසීය.

මොරගහකන්ද ජලාශ ඉදිකිරීම සඳහා ඉඩම් අත්පත් කරගැනීම සහ කැළෑ හෙළි කිරීමත් සමග එහි සිටි වනඅලින් මාතලේ දිස්ත්‍රික්කය පුරා ගම්වැදී සිදුවන ජීවිත හා දේපළ හානි පිළිබඳව සොයාබැලීම සඳහා දින දෙකක කාලයක් අත්‍යවරයා මාතලේ දිස්ත්‍රික්කයේ රැඳී සිටින අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන් වනජීවී නිලධාරීන්  ප්‍රදේශවාසී නියෝජිතයන් සමඟ   නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හමුවක් පැවැත්විණි. එහිදී  අලි ගැටුමට මැදිව සිටින බොහෝ ජනතා නියෝජිතයන්  අදහස් ප්‍රකාශ කළහ.

මෙහිදී ජනතාව ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ නිරන්තරයෙන්ම වන අලි පහරදීම් සහ වන අලි මිනිස් ගැටුම පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් පවතින බවය. තමන්ට කඩිනමින් ඒ සෑම ස්ථානයකටම ගමන් කිරීමට නොහැකි වුවද  නියෝජ්‍ය අමාත්‍යවරයා (emergency) කඩිනම් සේවාවක්   වගේ  සෑම ස්ථානයකටම ගමන් කරන බව ය. ඔහු තරුණයෙක් නිසා ජවසම්පන්න ව ක්‍රියා කිරීම තමන්ට විශාල ශක්තියක් බව හෙළිදරව් කළේය.

අලි වැටවල් බලන්න ගස් උඩ නගින්න කොස් කඩන්න අලින්ට ආහාර දෙන්න ආදී ජවසම්පන්න නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රියාකරන බවත් මාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය වසර තුළ අලින් දෙසිය අසූ දෙනෙක් මියගොස් මිනිසුන් අසූවක් මියගොස් තිබෙන බව ද මාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම වර්තමානයේ රටේ අලි ගහනය 6000 ඉක්මවා ඇති බව ද සඳහන් කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවට වසර හැත්තෑවක් පමණ පරණ වුවත් අලි මිනිස් ගැටුමට වසර 35 ක් පමණ පරණ බවත් යුද්ධය තමාට බාර දුන්නෙත් වසර තිස් දෙකක් පරණ වූවන් පසු බව සඳහන් කළේය. වසර එකහමාරක පමණ කාලයකින් තමන්ට ගෙදර යන්නට සිදුවන නිසා වසරක් ඇතුළත අලි මිනිස් ගැටුම 95% ක් අවසන් කිරීමට තමන් ්ක්‍රියා කරන බව සඳහන් කළේය.

අලි මිනිස් ගැටුමට එකම විසඳුම බවට පත්ව ඇත්තේ ප්‍රමිතියෙන් යුතුව අලිවැට සවි කිරීම බවත් මේවන විට රට වටේ කිලෝමීටර් 4500 ක් විදුලිවැට තිබෙන බවත් ය .ශ්‍රී ලංකාවේ සිට හිමාලය වනය දක්වාම දිවෙන තත්ත්වයට පවතින බවද සඳහන් කළේය . ඒ සියලු විදුලි වැටවල් ප්‍රමිතියකින් තොර විදුලි වැටවල් බවද හෙළිදරව් කළේය .තවත් කිලෝමීටර් දෙදහස් පන්සීයක් විදුලිවැට අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  තවත් කිලෝමීටර්  2500 ඉදි කොට ඒවා නඩත්තු කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවාගැනීමට අනුමැතිය ලැබී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

වනජීවී දෙපාර්තමේන්තුව මුදල් බිලියන 50ක් පමණ ඇති කෝටිපති ආයතනයක් බව ද සඳහන් කළේය. තමන් එම මුදල් වලට තට්ටු කරලා මේ වසර එකහමාර තුළ අලි මිනිස් ගැටුම අවසන් කරන බව කියා සිටියේය.

වනජීවී නිලධාරීන්ට සුදුසු   නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන්වූ ටී56 ගිනි අවියට සමාන ගිනිඅවියක් ලබාදීමට මේ වන විට ජනාධිපති වරයාගේ අවසරය ලැබුණු බවද හෙතෙම සඳහන් කළේය. එම ගිනි අවියෙන් අලින් වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා පාවිච්චි කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "වනජීවී දෙපාර්තමේන්තුව කෝටිපති ආයතනයක්" - ෆොන්සේකා හෙළි කරයි
"වනජීවී දෙපාර්තමේන්තුව කෝටිපති ආයතනයක්" - ෆොන්සේකා හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/052f090302b8829d2b5cbb3f612eaa84_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_743.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_743.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy