යාපනයේ විවිධ පළාත්වල නිවෙස් වලට අලාභ හානි කරමින් සාමාන්‍ය වැසියන්ව කඩුවලින් කපා දැමූ ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් හත...
යාපනයේ විවිධ පළාත්වල නිවෙස් වලට අලාභ හානි කරමින් සාමාන්‍ය වැසියන්ව කඩුවලින් කපා දැමූ ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් හත්දෙනකු යාපනය ප‍්‍රදේශයේ දී මනිපායි පොලීසිය විසින් (2) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් මුහුණු ආවරණය කර ගෙන යතුරු පැදිවලින් රාත‍්‍රී කාලයේ පැමිණ මෙම පහරදීම් සිදුකරන ලද අතර පොලිසිය පැවසූයේ ''ආවා ගෲප්'' කල්ලියේ පහරදීම් සඳහා යොදාගත් යතුරුපැදි තුනක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරුවන් මීට ඉහතදී කොල්ලකෑම් හෝ පහරදීම් සිදුකළ පුද්ගලයින් ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවද මනිපායි පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය මනිපායි ආනාකොඩ්ඩෙයි, උඩුවිල්, චුන්නාගම් යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 22 අතර තරුණයෝ පිරිසකි.
සැකකරුවන් යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS