දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතේ පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු බවට වන ආණ්ඩුවේ යෝජනාවලියට දුම්රිය වෘත්තිය සමිති...
දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතේ පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු බවට වන ආණ්ඩුවේ යෝජනාවලියට දුම්රිය වෘත්තිය සමිතිවල දැඩි විරෝධය එල්ල වී තිබේ.
වෘත්තීය සමිති විරෝධය නොතකා ආණ්ඩුව, දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ යෝජනාව ක‍්‍රියාත්මක කරන්නේ නම් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට පිවිසීමට අකමැත්තෙන් වුවද සිදුවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම නිවේදනය පහතින්,
දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයත්නයක් කිරීමට දුම්රිය සේවකයින්ගේ දැඩි විරෝධය
ආදයම් උපයන දෙපාර්තමේන්තුවක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතේ පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු බවට වන ආණ්ඩුවේ යෝජනාවලියට දුම්රිය වෘත්තිය සමිතිවල දැඩි විරෝධය එල්ල විය. දුම්රිය සේවය අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීම සඳහා වෘත්තීය සමිතිවල අදහස් විමසීමට 2018.07.11 වන දින ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් වරයා සමග දුම්රිය මූලස්ථාන ශ‍්‍රවණාගාරයේ දී පැවති සාකච්ජාවේදී දුම්රිය වෘත්තීය සමිතිවල මෙම විරෝධය ප‍්‍රකාශ විය.
දුම්රිය ස්ථානධිපති, දුම්රිය රියදුරු, දුම්රිය නියාමක, අධික්‍ෂණ කළමණාකරුවන් සහ දුම්රිය පාලක වරුන් සඳහා MP1 හා MP2 වැටුප්තල වලට සමාන වැටුප්තල ලබාදීමට හැකිදැයි සොයා බැලීමට පත්කළ සරත් අමුණුගම කැබිනට් අනුකමිටුව සහ ඊට සහාය දැක්වීම සඳහා පත්කළ පරිපාලන කමිටුව සහ වැටුප් කොමිෂන් සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
වැටුප් වැඩිකිරීමක් කළ හැකිදැයි සොයා බාලීමට පත්කළ කමිටුවක වගකීම වන්නේ අදාල ශ්‍රේණි සඳහා වැටුප් වැඩිකළ හැකිද යන්න සොයා බැලීම මිස, වැටුප් වැඩිකිරීමේ මුවාවෙන් ආයතන වල ව්‍යුහය වෙනස් කිරීමට හෝ පූර්ණ රාජ්‍ය ආයතනයක් වන දුම්රිය සේවය අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමට යෝජනා කිරීම නොවන බවත්, සරත් අමුණුගමගේ අනුකමිටුවත් වැටුප් කොමිෂන් සභාවත් තමන්ට පැවරී ඇති රාජකාරියට අදාල නොවන පණ්ඩිත වැඩක් කර ඇති බව ද පෙන්වා දෙමු.
දුම්රිය දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩලයක් මගින් පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු යැයි යෝජනා කර ඇති කැබිනට් පත‍්‍රිකාවල, සාකච්ජා සටහන් වල සහ අනිකුත් ලිපිලේඛන වල දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ, දුම්රිය රියදුරන්ගේ, දුම්රිය නියාමක වරුන්ගේ, අධීක්‍ෂණ කළමනාකරුවන්ගේ සහ දුම්රිය පාලක වරුන්ගේ වැටුප් වැඩි කිරීම යනුවෙන්, ප‍්‍රධාන මාතෘකාව ලෙස යොදාගැනීමෙන් ඉතිහාසයේ දවසක මෙම ශ්‍රේණිවලට අයත් සියළු සේවකයින් දුම්රිය විකුණා දැමීමේ කි‍්‍රයාවලියේ වගඋත්තර කරුවන් කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ උවමනාව ඉටුකර ගැනීම සඳහා, ආණ්ඩුව දුම්රිය සේවකයින් පවා වගඋත්තර කරුවන් කර ඇති බවයි.
ඇතැම් දුම්රිය බලධාරීන් සම්බන්ධයෙන් එල්ලවී ඇති වංචා දූෂණ චෝදනා බැහැර කළ නොහැකි බව පෙන්වා දෙන අතර, දුම්රිය සේවය විනාශ කර ඇත්තේ මෙම බලධාරීන් හා දේශපාලන නායකයින් වන බවත් වාර්ෂිකව දුම්රිය දෙපාර්තමේන්තුව ලබන පාඩුවට, අදාල බලධාරීන් වගකිව යුතුව ඇත. වෘත්තීය සමිති විරෝධය නොතකා ආණ්ඩුව, දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ යෝජනාව ක‍්‍රියාත්මක කරන්නේ නම් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට පිවිසීමට අකමැත්තෙන් වුවද සිදුවන බව ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.
ස්තූතියි.
මෙයට,
එස්.පී.විතානගේ
සමකැඳවුම්කරු
COMMENTS