වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් දක්නට ලැබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. ක...
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් දක්නට ලැබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ මේ වනවිට බරපතළ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
මේ අතර, රට තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශය දේශපාලනඥයන්ගේ හා නීතිඥයන්ගේ විවේචනයට ලක් විය.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්විය.
“මේ රජය භාර ගත්ත වෙලාවේ ඉඳලා අද මේ රටේ අපරාධ අනුපාතය අඩු වෙලා තියෙනවා. මේ රටේ මංකොල්ල අඩු වෙලා තියෙනවා. ස්ත්‍රී දුෂණ අඩු වෙලා තියෙනවා. මේ ආකාරයට අපි හොඳ පොලිස් සේවයක් ලබලා දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ අදහස් දැක්විය.
“මේ රටේ බරපතළ අපරාධවල වැඩිවීමක් තියෙනවා. ලේසියට කියතහැකි නඩු භාණ්ඩ සොයා ගන්න එක එහෙම කියලා කියන්න පුළුවන්. ඒක නීතියද? ඊට පස්සේ අහිංසකයන්වත් නඩු භාණ්ඩ සොයා ගන්න එක්කගෙන යනවා. නීතිය පිලිබඳ වගකියන ඇමතිවරු, පොලිස්පති ඒ සියලුදෙනාම රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මිට වඩා තදින් ඉන්න ඕනේ.”
COMMENTS