දිවයින් පුරා රෝහල් වෛද්‍යවරුන් ආරම්භ කොට තිබෙන වැඩ වර්ජනයට සමගාමීව උතුරේ රෝහල් වෛද්‍යවරුන්ද අද (03) උදැසන සිට වැඩ වර්ජනයට එක්ව සිටියහ. සි...
දිවයින් පුරා රෝහල් වෛද්‍යවරුන් ආරම්භ කොට තිබෙන වැඩ වර්ජනයට සමගාමීව උතුරේ රෝහල් වෛද්‍යවරුන්ද අද (03) උදැසන සිට වැඩ වර්ජනයට එක්ව සිටියහ.
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැදීසිටිමේ හා පැමිණිමේ දිමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලීම් කරමින් වෛද්‍යවරුන් වැඩ වර්ජනය ආරම්භ කොට තිබිණ.
වැඩ වර්ජනය හේතුවෙන් වෛද්‍යවරුන් රෝහල් ප්‍රතිකාර සේවාවලින් බැහැරව සිටිම හේතුවෙන් උතුරේ දුර බැහැර ප්‍රදේශවල සිට රෝහල් වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්විණ.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS