මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු ...
මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 10 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඒ සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කළ ඉල්ලීමකට අනුව මෙම සිද්ධියේ 4 වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ හඩ පටිගත කරන යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ අවසර ලබාදුන්නහ.
එමෙන්ම, මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 10 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
COMMENTS