රන් බිස්කට් 05 ක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපොළ පිරිසිදු කරන්නෙකු ඊයේ (02) සවස ක...
රන් බිස්කට් 05 ක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපොළ පිරිසිදු කරන්නෙකු ඊයේ (02) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු 51 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචි , නිතර ගුවන් ගමන් වල යෙදෙන ව්‍යාපාරිකයෙකු බව රේගුව සදහන් කරයි.
ඔහු ඊයේ (02) සවස 4.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , ඔහු විසින් රැගෙන විත් තිබූ රන් බිස්කට් ගුවන් තොටුපොළෙන් පිට කිරීම සදහා ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවකයෙකු වෙත ලබා දී තිබේ .
මෙම සිදුවීම නිරීක්ෂණය කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මොවුන් පිළිබඳ වහා රේගු නිලධාරීන් වෙත ලබා දී තිබේ .
එසැනින් ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ .
ඔවුන් සතුව රුපියල් 32,50,000 ක් වටිනා , ග්රෑම් 500 ක් බර , රන් බිස්කට් 05 ක් තිබී රේගු නිලධාරීන් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.
ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ රේගු නිලධාරීන් රැසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS