මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග රියදුරන්ගේ අපරික්ෂාකාර රිය ධාවනය නිසා රිය අනතුරු ගණනාවක් සි...
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග රියදුරන්ගේ අපරික්ෂාකාර රිය ධාවනය නිසා රිය අනතුරු ගණනාවක් සිදු වි ඇති බව හැටන් රථ වාහන පොලිස් අංශය කියයි.
පවතින අයහපත් කාලගුණයක් සමගම වරින් වර මතු වන ඝන මිදුම් තත්ත්වය සහ වර්ෂාව සමග ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් මෙම අනතුරු සිදුවිමට හේතු වි ඇත.
පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග රියදුරන්ට සැලකිලිමත් ලෙස සෙමෙන් රිය ධාවනය කරවන ලෙස කෙතෙක් දැනුවත් කලත්, එම උපදෙස් රියදුරන් නොපිලිපදින නිසා රිය අනතුරු බහුල වශයෙන් සිදු වන බවයි රථ වාහන අංශයේ නිලධාරින් වැඩිදුරටත් කියා සිටින්නේය.
පවතින අයහපත් කාලගුණයත් සමගගත වු දෙදින තුල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරු කිහිපයක් මෙසේ අප කැමරාවේ සටහන් විය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS