2020 ජනපති සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ නම් අපේක්ෂකයාගේ නම දැන්ම හෙළි කළ යුතු බව ඌව පළා...
2020 ජනපති සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ නම් අපේක්ෂකයාගේ නම දැන්ම හෙළි කළ යුතු බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පවසයි.
මහ ඇමතිවරයා මේ අදහස් පළ කළේ සේරුවිල පැවැති නිදහස් පක්ෂ බල මණ්ඩල පිහිටුවීමේ උත්සවයකදීයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“දැන්මම ප්ලෑන් කරලා දෙන්න අපේක්ෂකයා. එතකොට අපි කල්පනා කරලා බලලා හොඳයි නම් අපේ ජනාධිපතිතුමත් කියනවා නම් බැරි වෙලාවත් අපිටත් සහයෝගයක් දෙන්න පුළුවන් නම් දෙන්නම්. කොහොමද දැන් බැසිලුත් අපේක්ෂකයා, ගෝඨාභයත් අපේක්ෂයා, දිනේශුත් අපේක්ෂකයා, අර මම වගේ මහතට ඉන්නේ ප්‍රසන්න මිනිහත් අපේක්ෂකයා, මිනිහට සාස්තරයක් කියලා තියෙනවා ප්‍රසන්න කවදා හරි ජනාධිපති වෙනවා. මම නම් කොහෙවත් සාස්තර බලලා නැහැ. බඩු වෙලාවට පත්තු වෙලා පත්තු වෙලා ආවා. ජනවාරි 08 වෙනිදා මම මහින්ද මහත්තයට වැඩ කළේ.”
“ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටියා නම් මන් මහා ඇමැතිද? ඕවා තමයි කියන්නේ සුවිප්. මහ ලොකුවට හම්බ වෙන සුවිප් තමයි ඒවා. සාමාන්‍යයෙන් මහ ඇමැති කෙනෙක් කියන්නේ ගමේ මළගෙදර මගුල් ගෙදර ගිහිල්ලා ඉන්න ඕනේ මිනිහෙක්. මම නම් මිත්‍රවරුණි, මෝචරියටත් කියලා තියෙන්නේ මට කෝල් එකක් දෙන්න කියලා. අඩුම වශයෙන් කියයි ඌ වැඩක් නම් කලේ නැහැ, කමක් නැහැ ඌ මරණෙට හරි එන එකානේ. ඒ නිසා මරණයට මගුලට හරි යන්න තමයි මහ ඇමැති කෙනෙක්ගේ අවශ්‍යතාවය තියෙන්නේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS