ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වන භික්ෂුවක ඇතුළු කණ්ඩායමක් දිගින් දිගටම තමන්ට, දරුවන්ට මරණීය තර්ජන එල්ල කරමින් සිටින බව අතුරුදන් කරවූ බව මාධ්‍ය...
ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වන භික්ෂුවක ඇතුළු කණ්ඩායමක් දිගින් දිගටම තමන්ට, දරුවන්ට මරණීය තර්ජන එල්ල කරමින් සිටින බව අතුරුදන් කරවූ බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.
ඒ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශව තමන්ටත් දරුවන්ටත් මරණීය තර්ජන එල්ල කරන බැවින් තමන්ගේ සහ දරුවන්ගේ ජිවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.
“මහා සංඝරත්නය කියනවා වෛරයෙන් වෛරය නොසංසිදේය කියලා. ඒ වුනාට ඒ මහා සංඝරත්නයම වෛරී ප්‍රකාශන, අපහාස ප්‍රකාශන මට විරුද්ධව ප්‍රකාශය කරලා. ඒවායේ තියෙනවා තර්ජනාත්මක ඒවා. මගේ දරුවන් මරලා මට ........ කියලා. මම දන්නේ නැහැ ඒවා බුද්ධාගමේ කොතැන තියෙනවාද කියලා. වැදගත්ම කරුණ මේක මෙහෙයවන හිමි නම ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු වීම. ඇයි මේ භික්ෂු සමාජය පටාචාරාවකට විරුද්ධව මේ විදියට වෛරය සහ හිංසාව පතුරවන්නේ. ඒ අයගේ මග පෙන්වීම මත තමයි මේ බෞද්ධ යැයි කියා ගන්නා කාන්තාවන් හා පිරිමින් වෛරී ප්‍රකාශන පතුරවන්නේ. මේ ගැන මම මේ රටේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ අවධානයට යොමු කරනවා. ඥානසාර හිමි නම මට හිංසා කළ අවස්ථාවේදී අගමැතිතුමා ඒකට විරුද්ධව ප්‍රකාශයක් කළා. අද එතුමාත් නිශ්ශබ්දයි. අපේ ජිවිත වලට ආරක්ෂාව ලබා දෙන්න කියලා මම ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් ඉල්ලනවා.”
COMMENTS