ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නොමැතිව මෙරට පෙරමුණු හැදිය නොහැකි බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පොලවේ මුල් බැහැපු පක්ෂයක් බවත් උතුර...
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නොමැතිව මෙරට පෙරමුණු හැදිය නොහැකි බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පොලවේ මුල් බැහැපු පක්ෂයක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ දකුණු පළාතේ ප‍්‍රදේශ කිහිපයක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමණ්ඩල පිහිටුවීමේ වැඩසටහන් මාලාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා,
“ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නැතුව මේ රටේ පෙරමුණු හදන්න බැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පොලවේ මුල් බැහැපු පක්ෂයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධාර්ෂණික ප‍්‍රතිපත්තිමය හරය නැවත නාග සිටුවිය යුතු කාලය ඇවිත් තියෙනවා. ඉස්සර කලේ පක්ෂයක් මාරු කරලා වෙනත් පක්ෂයකට ගියා නම් කුජීතයි නන්නත්තාරයි පරාදයි. දැන් එතින් යනවා එනවා උඩ පිලූම් යට පිලූම්. ගබෝස් ලෙන් එකේ එහෙට ගියත් එකයි මෙහාට ගෙයත් එකයි.
යු.එන්.පි.යට ඇති පිළිකාව ගජමුතු රෝග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිකාව පවුල් වාදය. ඒ කලේ යු එන් පි කියන්නේ උන්ගේ නැදෑයන්ගේ පක්ෂය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් උන්ගේ නැදෑයන්ගේ පක්ෂය බවට පවත් වෙලා.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS