මෙසේ ළමා කටයුතු රාජ්‍ය ඇමතිනියගෙන් හා කොළඹ නීතිපීඨයේ මහාචාර්ය තමිල්මාරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල්...
මෙසේ ළමා කටයුතු රාජ්‍ය ඇමතිනියගෙන් හා කොළඹ නීතිපීඨයේ මහාචාර්ය තමිල්මාරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල් මහතා පසුගිය අඟහරුවාදා (25) විවෘත අධිකරණයේදී රහස් පොලීසියට නියෝග කර තිබේ.
ඒ අනුව අද (27) මහාචාර්ය තමිල්මාරන් රහස් පොලීසිය වෙත පැමිණ කටඋත්තර ලබාදී ඇත. පුංකුඩුතිව් ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකු වන මහාචාර්ය තමිල්මාරන්ට ස්විස් කුමාර්ව බේරාගන්නා ලෙස උපදෙස් දී ඇත්තේ ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසිනි. එවක යාපනය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ, මහාචාර්ය තමිල්මාරන් යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානුෂික නීතිය (Humantarian Law) හදාළ බව හොඳින් දන්නා විජකලා මහේෂ්වරන් එම සම්බන්ධය උපයෝගී කොටගෙන තම සහචරයා වන මහාලිංගම් සසිකුමාර් බේරාගැනීම සඳහා මෙම මෙහෙයුම දියත් කොට ඇත.
රහස් පොලීසිය විසින් මීට කලින් වතාවකදී ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක් ලබා ගත්තද මෙම සබඳතාවයන් වසන් කිරීමට ඇයට හැකිවී ඇත්තේ ඇය සතුව පවතින දේශපාලන බලය හේතුවෙනි.
මේ වනවිට යාපනය ප්‍රදේශයේ හිස ඔසවමින් පවතින පාතාල සංස්කෘතිය (Gangster Culture) සඳහා අවැසි දේශපාලන බලය සපයා දෙනු ලබන්නේ විජයකලා මහේෂ්වරන් සහ ඇයගේ මස්සිනා වන ත්‍යාගරාජා තුවාරකේෂ්වරන්ය. යාපනයේ ප්‍රසිද්ධ දේශපාලනඥයන්ට සහ තරගකාරී ව්‍යාපාරිකයන්ට තම මුහුණු පොත ඔස්සේ සාහසික ලෙස පහරදීම තුවාරකේෂ්වරන්ගේ සිරිතය. අගමැති, පොලිස්පති, හමුදාපති ආදීන් සමග එකට සිට ගත් ඡායාරූප තම මුහුණු පොතේ පළකරවා ගෙන අසරණ දෙමළ මිනිසුන්ට තම හයිකාරකම් පෙන්වීම ඔහුගේ පුරුද්දකි. ඔහුගේ මෙම නොපනත් ක්‍රියාවන් පිළිබඳව ද්‍රවිඩ දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් සයිබර් අපරාධ අංශයට පැමිණිලි කළද ඒවා තම දේශපාලන බලයෙන් යටපත් කරවා ගැනීමට තුවාරකේෂ්වරන් සමත් වී තිබේ.
චන්ද්‍රිකාගේ සහ මහින්දගේ ආණ්ඩු සමයෙහි ඊපීඩීපී සහ එල්ටීටීඊ සංවිධානවල අත්තනෝමතික ක්‍රියාවන්ගෙන් බැට කෑ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව අද මහේෂ්වරන් පවුලේ භීෂණයෙන් අසරණව සිටිති.
COMMENTS