සිංහල - මුස්ලිම්මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම් වලි...
සිංහල - මුස්ලිම්මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම් වලින් පැහැදිලි වන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනාකරයි.
ඔහු මේ බව පැවසූවේ අද (08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක් වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.
“අම්පාර මුස්ලිම් කොත්තු කඬේ සිදුවීම් පිටුපස ඉන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයෙක්. ඉන් පසුව දිගන නගරයේ සිදුවූ සාපරාධී, ප‍්‍රකෝපකාරී තත්ත්වයට මුල්වූ කුමාරසිංහ නමැති සිංහල තරුණයාගේ ඝාතනයට අදාළ මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට නොගැනීම බලපෑම් කළෙත් ආණ්ඩුවේ දේශපාලනඥයෙක්. ඒ වගේම කුලියාපිටිය නගරයේ මුස්ලිම් වෙළඳසැල්වලට පහරදීම නිසාඅත්අඩංගුවට ගත් මැරයන් පැයකින් නිදහස් කර ගත්තේ එජාප ප‍්‍රබල ඇමතිවරයෙක්. මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ ආශිර්වාද සිංහල - මුස්ලිම්මැරයන් තමයි මේ මහා මරා ගැනිල්ලට පාර කැපුවේ කියා.
සිංහල - මුස්ලිම් මිනිසුන්ගේ මළකඳන් මතින්, ගිනි ගත් දේපල හා ලේ ගංගා මැදින් ඇවිත් ආණ්ඩුව තමන් මුහුණ දී තිබෙන විශ්වාසභංගය යටපත් කරගන්න හදනවා. තවත් පැත්තකින් මේ මහා මරා ගැනිල්ල මැද්දේ තමන් දෙමළ ඩයස්පෝරාවට, ඇමරිකා එක්සත් ජනපදයට, ඉන්දියාවට දුන් පොරොන්දු ඉටුකර දෙන්න හදනවා.
රණවිරු දඩයමට තවත් මෙවලමක්
මේ රටට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවලියට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේ දී ආණ්ඩුව වෙනුවෙන් එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර සම අනුග‍්‍රාහකත්වය දක්වන්න එක්ග වුණා. ඒ අනුව තමයි මේවනවිට බෙදුම්වාදී ව්‍යස්ථාවක් කෙටුම්පත් කර ඇත්තේ. ඒ අනුව තමයි කොටි ත‍්‍රස්තවාදය පැරදවූ රණවිරුවන් යුද අපරාධ කළා’ කියන මිත්‍යාව සනාථ කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් ඉන්නේ. ඒ යටතේ දැන් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා හදන ෆැක්ටරියක් නිර්මාණයය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත්වූ ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ මගින් තමයි ඒ කාර්යාලය පිහිටුවාඇත්තේ.
ඊට දෙමළ ඩයස්පෝරාවේ හිතවතුන්, ඩොලර් කාක්කන් පිරිසක් කොමසාරිස්වරුන් ලෙස පත්කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයාගේ ලැයිස්තුවට අනුවයි. ඒ රණවිරු දඩයමට අවශ්‍ය තවත් නීතියක් ඊයේ (07) පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තා.
‘ලෝකයේඑකමරට?’
මේ මහා මරා ගැනිල්ල මැද්දේ මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට මහා කළු පැල්ලමක් එක් කරමින් තමයි ඒ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ නව නීතිය බලහත්කාරයෙන්, විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නොමග යවමින් සම්මත කර ගත්තේ. ‘බලහත්කකාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ පනත් කෙටුම්පත’ තමයි එසේ ඊයේ සම්මත කර ගත්තේ. ඒ මගින් ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ තම රටේ නීති පද්ධතියට ඇතුලත් කළ ලෝකයේ පළමු රට බවට ලංකාව පත් වුණා. ඇමරිකා එක්සත් ජනපදය පවා මෙම ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අත්සන් කර නැහැ. ඉන්දියාව අත්සන් කළත් තම රටේ නීති පද්ධතියට ඇතුලත් කර නැහැ. මේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අත්සන් තබා ඇත්තේ රටවල් 58යි. ඉන් රටවල් 20ක් අපරානුමැතිය ලබාදී ඇතත් ලොවකිසිඳු රටක් මේ ප‍්‍රඥප්තිය තම රටේ නීති පද්ධතියට ඇතුලත් කරනැහැ. “ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS