මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වුවහොත් විශ්වාසභංග යෝජනාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය දීමට ආ...
මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වුවහොත් විශ්වාසභංග යෝජනාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩුවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් විසි එක් දෙනාට කටයුතු කිරීමට සිදුවන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. එම්. එස්. හාරිස් මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රට තුළ සිදුවන හිරිහැරයන්ට විරෝධය දක්වමින් ඇමතිධුරවලින් ඉල්ලා අස්වන ලෙසට මුස්ලිම් ජනතාව තමන් ඇතුළු මුස්ලිම් ඇමැතිවරුන්ට බලකරමින් සිටින බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එනිසා ආණ්ඩුව පවතින ගැටුම්කාරී වාතාවරණය ඉක්මනින් සමනය නොකළහොත් තමන්ට දැඩි තීරණයක් ගැනීමට සිදුවන්නේ යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසී ය.
COMMENTS