පාර්ලිමේන්තු බෝනස් ආසනයක ආරවුලක් මත දෙමළ ජාතික සන්ධානය හා ටෙලෝ සංවිධානය අතර යළිත් වරක් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ස...
පාර්ලිමේන්තු බෝනස් ආසනයක ආරවුලක් මත දෙමළ ජාතික සන්ධානය හා ටෙලෝ සංවිධානය අතර යළිත් වරක් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස ටෙලෝ නායක වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය පළාත් පාලාන් මැතිවරණය අවසන් වූ වහාම එම බෝනස් පාර්ලිමේන්තු ධුරය ටෙලෝ සංවිධානය වෙත ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ එකග වූ බවයි.
පක්ෂයකට ලැබෙන බෝනස් මන්ත්‍රීධුර සංඛ්‍යාව අනුව දෙමළ ජාතික සන්ධානයට හිමිවූ එක් බෝනස් මන්ත්‍රීධුරයක් අනුපාතය මත ටෙලෝ සංවිධානයට හිමිවීමට නියමිතව තිබූ බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පවසයි.
ඒ අනුව වන්නි දිස්ත්‍රික්කයේ කාලයක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් හොබවන ලද නෝහා රාධලිංගම් හෙවත් විනෝ මහතාට එම මන්ත්‍රීධුරය ලබාදීම සදහා ටෙලෝ සංවිධානය නිර්දේශ කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායකයින් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ දක්වා නොගත් බව පවසන ටෙලෝ සංවිධානය පසුගිය පළාත් පාලන මැතිවරණය ආසන්නයේදී ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී පැවති සාකච්ඡාවකදී ටෙලෝ සංවිධානයට අනිවාර්යෙන්ම එම බෝනස් මන්ත්‍රීධුරය ලබාදීමට මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ඇතුළු නායකයෝ එකග වූ බවද කියා සිටියි.
නමුත් දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව පැවති අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී ඒ යෝජනාව පසෙකට දමා සෙසු යෝජනා පිළිබදව සාකච්ඡා කළ බව ටෙලෝ නායකයෝ කියා සිටියි.
මේ නිසා ඇතිවී තිබෙන අර්බුදය ටෙලෝ සංවිධානට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වෙන තත්ත්වයක් වුවත් සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු ඊට සිනාසුනා මිස කිසිදු පිළිතුරක් ලබා නොදුන්නේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS