දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රීගෙන් පොලිසියට දෝස්මුරයක්
Homeප්‍රවෘත්ති

මෛත්‍රීගෙන් පොලිසියට දෝස්මුරයක්

PropellerAds

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුව ආදී වූ ආයතනයන් අඩුපාඩු රහිතව රාජකාරි කරන තත්වයට ගෙන ආ යුතු යයි එක්සත් ජාති...

ජනාධිපතිවරණය කල් දාන්න අන්තිම තුරුම්පුවත් ගහන්නයි යන්නේ - වාසු
සජිත්ගෙන් රනිල්ට දුන්න ලියුමේ තිබ්බ දේ මෙන්න - සියල්ල හෙළිකරන බවට නලීන් බණ්ඩාර රනිල්ට අනතුරු අඟවයි !
ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. ව්‍යවස්ථාව කඩලා යයි චෝදනා !
මෛත්‍රීගෙන් පොලිසියට දෝස්මුරයක්

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුව ආදී වූ ආයතනයන් අඩුපාඩු රහිතව රාජකාරි කරන තත්වයට ගෙන ආ යුතු යයි එක්සත් ජාතික නිදහස් පෙරමුනේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න  මහතා සදහන් කරයි.

ඒ මහතා මේ අදහස් පැවුසුවේ ඉකුත් 14 දා ගාල්ලේ දී පැවති මාධය හමුවකදී අතහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද පැවසීය.

“ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනෙයි කියලා. මම හිතන්නේ ඒ ගැසට් එක අත්සන් කරලා මරණීය දණ්ඩනය නැවති යාවත්කාලීන කරන්න යනවයි කියලා අද ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක ඉතාමත්ම හොඳ දෙයක් මේක කාලෙකට කලින් කරන්න තිබිච්ච දෙයක්.  නමුත් අද මේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනකොට තව ප්‍රශ්ණ රාශියක් අපට  එනවා.  මේ යුගය ගත්තම පොලිස් නිළදාරීන් කුලියට මිනීමරණ යුගයක්. පොලීසියේ නිළදාරීන් කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරලා සල්ලි හම්බ කරපු යුගයක් අපි මෑත කාලෙදි  දැකලා තියෙනවා. මේ රටේ  පොලීසිය තමයි අපරාධ විමර්ශණය කරන්නේ  උසස් පොලිස් නිළධාරීන් කුලියට  මිනීමරන යුගයක් මේ මෑත කාලේදි අපි දැක්කා   සමහරක් උදවිය දැනටත් අත්අඩංගුවේ ඉන්නවා.  එතකොට මේ වගේ ඉතාමත්ම දරුණුම අන්දමින්  චොදනාවලට ලක් වෙච්චි පොලීසියක් අද ලංකාවේ තියෙන්නේ. අද  සාමාන්‍ය ගමේ කෙනෙකුත් දන්නවා පොලීසියට ගිහිල්ලා සල්ලි දීලා විත්ති කාරයා පැමිණිලි කාරයා කරලා පැමිණිලිකාරයා විත්ති කාරයා කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ පොලීසිය අවශ්‍ය නම් ගොරකා දඩමස් කරන්න පුළුවන්.”

“පොලීසිය කාට හරි කැමති නැත්නම් මොකක්ද කරන්නේ. දරුණුම ගනයේ අකමැත්තක් තියෙනවා නම්  ග්‍රෙනේඩ් එකක් එක්ක දාලා අවුරුද්දක් එකහාමාරක් ඇතුලට දානවා.  එහෙම නැත්නම් ගංජා ටිකක් දානවා. එහෙම නැත්නම් හෙරොයින් ටිකක් දානවා.  එහෙම දාලා දාස් ගනනක් බන්ධනාගාර ගත වෙලා තියෙනවා. එතකොට මේ වගේ පොලීසියේ විමර්ශන හරියට සිද්ධ වෙන්නේ නැත්නම්  පොලීසිය දූෂිත නම්  ඒ දූෂිත පොලීසියේම මාර්ගයෙන් කෙතරම්  සාධාරන පරීක්ෂණයක් කරගන්න  පුළුවන්ද  කියන එක ගැන ප්‍රශ්ණයක් තියෙනවා. ඊළඟට එන්නේ අධිකරණය අධිකරණ ක්ෂේත්‍රය ගත්තහමත් අඩුපාඩුකම් රාශියක් තියෙනවා.  අපරාධ නඩුවක් අහලා ඉවර කරන්න  අවුරුදු පහලවක් යනවා කියලා ප්‍රකාෂයට පත්වෙලා තියෙනවා.  මේ වගේ කාලයක් යනවානම් නඩුවක් විභාගකරලා තීන්දුවක් දෙන්න කොතනද සාධාරණය තියෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව ගත්තහම  නීතිපති දෙපාර්ථමේන්තුවේ මම හිතන්නේ නිළධාරීන් අනූවයි ඉන්නේ.  මේ ලංකාවෙම නඩු ටික නීතිපති වෙනුවෙන් මෙහෙයවන්නේ. එතකොට මේ වගේ අඩුපාඩුකම්  රාශියක්  තියාගෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන එක භයානක දෙයක්. ඕනම දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් ඒකට කලින් තියෙන  විශේෂයෙන්ම පොලීසියේ විමර්ශණ නීතිපති දෙපාර්ථමේන්තුව  අධිකරණය  මේ සියල්ලම අඩුපාඩු රහිතව තමන්ගේ රාජකාරිය උනන්දුවෙන් උද්යෝගයෙන්  කරන මට්ටමට ගෙන්න රජය සමත් විය යුතුයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රීගෙන් පොලිසියට දෝස්මුරයක්
මෛත්‍රීගෙන් පොලිසියට දෝස්මුරයක්
http://am.lk/media/k2/items/cache/65dd4ab3d14d0d3da5816087873ea67c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_580.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_580.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy