ඉ දිරි ජනාධිපතිවරණය සඳහා තමන් තරග කිරීමට සූදානම් බව සඳහන් කරමින් එ.ජා.ප. නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ නායක අගමැත...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් තරග කිරීමට සූදානම් බව සඳහන් කරමින් එ.ජා.ප. නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ නායක අගමැති රනිල්වික්‍රමසිංහ මහතා වෙත ලියුමක් පෙරේදා (16දා) භාරදුන් බව රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
අගමැතිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා(16දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම ලියුම භාරදුන් බවද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය. ජනපති අපේක්ෂකයා කඩිනමින් නම් කළ යුතු බවත් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ප්‍රකාශ කළ යුතු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී ප්‍රකාශ කළ බවද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජනාධිපති වීමට එක් එක් අය සිහින මවමින් සිටියද එය ඵලක් නොවන බවත් කඩිනමින් ජනපති අපේක්ෂකයා නම් නොකළොත් එය ප්‍රමාද කරන්නේ කවුද යන්න රටට හෙළි කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

COMMENTS