මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය තමාට පිරිනමන්නේ නම් එය තමන් බාර ගැනීමට සූදානම් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප...
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය තමාට පිරිනමන්නේ නම් එය තමන් බාර ගැනීමට සූදානම් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
දේශපාලනය කරන සෑම කෙනාගේම සිහිනය ඉදිරියට යාම බවත් ඒ අනුව තමා එහෙම නොවුණහොත් තමාගේ වැරැද්දක් ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ඕනෑම ජනපති අපේක්ෂකයෙකුට තමා සහය දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මීලඟ ජනාධිපතිවරයා වීමට රාජපක්‍ෂලා පමණක් නොව අනෙක් අයටද හැකියාවක් ඇති බවට මීට පෙර වෙල්ගම මන්ත්‍රීවරයා ප‍්‍රකාශයක්ද කර තිබූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ගැනද දැඩි විරෝධයක් දක්වා තිබූ බව වාර්තා විය.
COMMENTS