ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිතිපතා පාර්ලිමේන්තු පැමිණිය යුතුයැයි උපදෙස් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ තිබේ...
ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිතිපතා පාර්ලිමේන්තු පැමිණිය යුතුයැයි උපදෙස් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනීසිටීමට තිබෙන වැදගත්ම ස්ථානය පාර්ලිමේන්තුව බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
සෑම පාර්ලිමේන්තු දිනකදීම මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී තමන්ගේ කණ්ඩායමට වැරදුණු අවස්ථාවක් ලෙස පාර්ලිමේන්තුව අමතක කිරීම සැලකිය හැකියැයි සඳහන් කර තිබේ.
ඉදිරියේදී එවැනි දුර්වලකම් හඳුනාගෙන නිවැරදි විය යුතු බවත් මේ සම්බන්ධව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කරන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
COMMENTS