තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා (Prayut Chan - O - Cha) මහතා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද(12) සවස 2.45 ට පමණ තායිල...
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා (Prayut Chan - O - Cha) මහතා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද(12) සවස 2.45 ට පමණ තායිලන්ත ගුවන් හමුවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම සංචාරය සදහා අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සරත් ෆොන්සේකා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාපා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම තායිලන්ත දූත පිරිස හෙට (13) මෙම සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිතය.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS