ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවත්, අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවත් ව්‍යාපෘති කළමනාක...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවත්, අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවත් ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බවත් එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙසේද පැවසී ය.
"අපි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ඉවත්කරන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ගොඩනැගිල්ලක් දෙකක් පිළිබඳව පමණයි. අපි කටයුතු කරන්නේ ඒ ප්‍රශ්නය විසඳ ගන්නයි. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා කතා කළා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉදිකිරිම සඳහා කොග්ගල ප්‍රදේශයේ ඉඩමක් හඳුනාගත්තා කියල ඒ සැලැස්ම අපි අත්හැරලා නැහැ. අපි බලනවා ඒ සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන්න. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ඉතා උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඇතිකරනවා. නමුත් මේ ගාල්ල නගරයේ මැද තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කරන්න කිසිලෙසකත් කටයුතු කරන්නේ නැහැ. ඒක ඒ විදියටම පවත්වන්නත් එය තවදුරටත් දියුණු කරන්නත් කටයුතු කරනවා වගේම පාසල් ක්‍රිකට් තරඟ සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීමට අවශ්‍ය අවස්ථාව වලදී ලබාදීමටත් කටයුතු කරන්න පුළුවන් වෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් මේ පිළිබඳව හොඳින් කතා කළා එතුමා කිව්වේ අද තියෙන තාක්ෂණයත් එක්ක අවශ්‍ය ඕනෑම වෙලාවක පවතින නැරඹීම් පහසුකම් ඇතිකිරීමට වගේම ඉවත්කරන්නත් පුළුවන් කියන කාරණයයි. ඉතින් ඒ විදියටටයි අපි ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ." යනුවෙන් වැඩිදුරටත් පැවසී ය.
මේ අතර ගාල්ලේ පැවති උත්සවයකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ නීතීවිරෝධි ලෙස ඉදිරිකර ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ගොඩනැගිලි කඩා ඉවත්කොට එම භූමිය අනිවාර්යයෙන්ම යළි ජනතා අයිතියට පත්කරන බවයි.
ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් අවැසිනම් වෙනත් සුදුසු ස්ථානයක එය ඉදිකරගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය පාලන සමයේ 1876 වසරේදී ගාල්ල ක්‍රීඩාංගනය ඉදිවන්නේ තුරඟ තරඟ පිටියක් ලෙස වන අතර 1927 වසරේදී එය ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මෙහි මංගල අන්තර්ජාතික ක්‍රිකට් තරඟය වන්නේ 1998 වසරේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයයයි.
2004 වසරේ බලපෑ සුනාමි ව්‍යසනයෙන් ගාල්ල ක්‍රීඩාංගනය මුළුමනින්ම විනාශ වූ අතර ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු ක්‍රීඩාංගනය ජාත්‍යන්තර තරඟ සඳහා යලි විවෘත වන්නේ 2007 දෙසැම්බර් 17 වනදා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරඟය සඳහායි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවති ටෙස්ට් තරග 31 න් ශ්‍රී ලංකාව තරග 18ක් ජය ගෙන ඇති අතර එය නම්දරා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාසනාව උදා කරන ක්‍රීඩාංගනණයක් ලෙසයි.
ඓතිහාසික ගාලු කොටුවට යාබදව පිහිටා ඇති ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන අතර වඩාත් නෙත් ඇදගන්නා සුළු ක්‍රීඩාංගනයක් ලෙස ප්‍රචලිතයි.
නමුත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති ප්‍රධාන ක්‍රීඩාගාරය ඇතුළු ගොඩනැගිලි හේතුවෙන් ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු පවුර සංරක්ෂණයට බාධා එල්ල වී ඇති බවත් මෙම තත්වය තුළ ගාලු කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බවත් යුනෙස්කෝ සංවිධානය පසුගියදා ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
COMMENTS