ගම්පෙරළියක් නොව බලපෙරළියක් ඉදිරියේදී සිදු කරන බවත් රටේ බලය ජනතාවට හිතකර රජයකට බාරදෙන බවත් හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ස...
ගම්පෙරළියක් නොව බලපෙරළියක් ඉදිරියේදී සිදු කරන බවත් රටේ බලය ජනතාවට හිතකර රජයකට බාරදෙන බවත් හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ(21) වරකාපොල ප්‍ර දේශයේ පැවැති පොදුජන රළ සම්මන්ත්‍රණය අමතමිනි.
එහිදී රාජපක්ෂ මහතා මෙසේද කීය.
“එදා ඔබ පෙබරවාරි 10 වනදා බලපෙරළිය ඇති කළානම් ගමේ. අද අගමැති රනිල්ට ගම්පෙරළිය හදන්න ගමට එන්න වෙලා තියෙන්නේ. ගමපෙරලිය කරන්න ඉස්සෙල්ලා එයාම කියනවා ආර්ථිකයේ කඩාවැටිලලු. දැනට තියෙන සමාගම්වලින් සියයට තිහක් කඩාවැටිලා. මේ කියන්නේ අගමැති. දැන් එල්ලුම් ගහ ගැන කතාකරන්න පටන් ගත්තා. යුරෝපා හවුල කළේ එල්ලුවොත් අපි දෙන්නැතිලු. අන්න රටේ නිදහස නැතිවෙච්ච එක. ඔන්න ඕවට තමා මහින්ද මහත්තයා නැගී හිටියේ. ඕවට තමා ජාත්‍යන්තරය තරහ වුණා කියන්නේ. එල්ලුම් ගහ කරන එකත් එහෙන් අහන්න ඕන. මේවට සෙල්ලම් බෑ. අපි කියනවා. අපි ඉතාම ඉක්මනින් ගම්පෙරලිය නෙමෙයි බලපෙරලිය ඇති කරලා මේ රටේ බලය ජනතාවට හිතකර රජයකට බාරදෙමු.“
COMMENTS