තමන්ව දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරු කරන නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පාතාල කල්ලි නායකයෙකු ලෙසට සැලකෙන මොහොමඞ් නජීම් මොහොමඞ්...
වසර හයක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියමව සිටින කංජිපානි ඉම්රාන් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් බූස්ස බන්ධනාගාරය තුළ රැුඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඔහු සිය පෙත්සමේ දක්වා ඇත්තේ.
බන්ධනාගාර නිළධාරීන් හැර වෙනත් අයට සිය සිර කුටිය තුලට ඇතුල්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නවදෙනෙක්.
COMMENTS