දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ආණ්ඩුව විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත්, මහපොළත් කොල්ල කාලා : ජවිපෙ නිහඩයි" - මෛත්‍රී
Homeප්‍රවෘත්ති

"ආණ්ඩුව විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත්, මහපොළත් කොල්ල කාලා : ජවිපෙ නිහඩයි" - මෛත්‍රී

PropellerAds

මේ වන විට ආණ්ඩුව හා ආණ්ඩුවේ ගජ මිතුරන් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත් මහපොළ ශිෂ්‍ය ආධාර මුදලුත් කොල්ල කා ඇතත් ජවිපෙ නිහඩ බව එක්සත් ජාතික...

ජනතාවගේ හදවතේ අපේ ජයග්‍රහණයන් රැඳී තියෙනවා
චාලිට ගිනි තැබිම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට
උතුම් ති‍්‍රපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට සූදානම් - ජනපති කියයි

මේ වන විට ආණ්ඩුව හා ආණ්ඩුවේ ගජ මිතුරන් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත් මහපොළ ශිෂ්‍ය ආධාර මුදලුත් කොල්ල කා ඇතත් ජවිපෙ නිහඩ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද වෙනකොට විශ්ව විද්‍යාල අරමුදල හොරකම් කරලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල කොල්ල කාලා. මේ දෙකේ වටිනාකම රුපියල් මිලියන 146ක් නමුත් විශ්ව විද්‍යාලයේ ආරක්ෂකයා ලෙස සමාජයේ පෙනී ඉන්න බව පෙන්වමින් ඉන්න ජනතා විමුක්ති පෙරමුණ මේ වන තුරු මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ ප්‍රශ්න ගැන කතා කරන දොස්තර නලින්ද ජයතිස්ස අද මේ ගැන නිශ්ශබ්දයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාල කැන්ටිමේ හොද්දේ ලුණු වැඩි උනත් උද්ගෝෂණ කරනවා, පාරට බහිනවා, විශ්ව විද්‍යාලයේ ළමයි පෙළපාලි යවනවා නමුත් මේ ප්‍රශ්නයේදී ඔවුන් මේ ගැන කතා කරන්නේ නැහැ.”

“අපිට පැහැදිලි සැකයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සිද්ධ වෙච්ච බැදුම්කර වංචාව ආරක්ෂා කරන්න සහය දෙනවද කියලා. ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලයේ සුළු දෙයක් වුනත් පෝස්ටර් ගහනවා, පෙළපාලි යනවා නමුත් මේ සිද්ධිය ඔවුන් නොදැනුනාසේ ඉන්නවා. ඇයි මේ සිදුවීමේදී ජවිපෙ ලිප්ටන් වට රවුමට ඇවිත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය නොකරන්නේ. අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන් මේවා රටේ සල්ලි නොවේද? මහපොළ කියන්නේ ආණ්ඩුව ඉගෙන ගන්නා දරුවන්ට දෙන ශිෂ්‍ය ආධාර මුදල් නොවේද? කියලා. මේ සල්ලි ආණ්ඩුව හා ආණ්ඩුවේ ගජ මිතුරන් හොරකම් කරද්දී ජවිපෙ විශ්ව විද්‍යාලයේ මුර දේවතාවන් සේ පෙනී ඉදිමින් ඇයි නිහඩව ඉන්නේ කියලා. රටේ ජනතාවට අද ප්‍රශ්නයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ කාරණා වලට රටේ ජනතාවට පිළිතුරු දිය යුතුයි කියලා අපි කියනවා. දොස්තර නලින්ද ජයතිස්සට අපි කියනවා කරුණා කරලා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න කියලා.” යනුවෙන්ද ඒ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ආණ්ඩුව විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත්, මහපොළත් කොල්ල කාලා : ජවිපෙ නිහඩයි" - මෛත්‍රී
"ආණ්ඩුව විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත්, මහපොළත් කොල්ල කාලා : ජවිපෙ නිහඩයි" - මෛත්‍රී
http://am.lk/media/k2/items/cache/2c579153461cbb6f98dadab44cac92ef_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy