දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නීති විරෝධි කේබල් නාලිකාවලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නීතිගත කිරීමේ කුමන්ත්‍රණයක්!

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන අලුතින් කේබල් නාලිකාවක් ...

නීති විරෝධි කේබල් නාලිකාවලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නීතිගත කිරීමේ කුමන්ත්‍රණයක්!

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන අලුතින් කේබල් නාලිකාවක් සදහා බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවට සිය විරෝධය පලකරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය එම කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිපියක් යොමුකර තිබේ.

නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ලබාදිමට යන නව බලපත්‍රය හරහා රහසේම නීතිගත කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව එම ලිපිය මගින් එම ව්‍යාපාරය පෙන්වා දෙයි.

එම ලිපිය පහතින්,

පි.ආර්.එස්.පි ජයතිලක
අධ්‍යක්ෂක ජනරාල්
ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව,
276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.

2018. 07. 19

මහත්මයාණෙනි,

නීති විරෝධි කේබල් නාලිකා වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නව කේබල් රූපවාහිනී සේවාවන් සදහා බලපත්‍ර නිකුත් කිරිම ගැන විරෝධය දැක්විම.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹනු! මැයෙන් 2018. 06. 13 දින ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට අප විසින් ලිඛිත ඉල්ලිමක් භාර දෙනු ලැබීය. එම ලිපිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්,කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජුනි මස 22 දින ලිපියක් (PS/SP/Sec/TRCSL) අප වෙත යොමුකර තිබු අතර තැපැල් වර්ජනය හේතුවෙන් අදාළ ලිපිය අප හට ලැබුනේ ජුලි මස 14 වැනිදා ය.

අදාළ ලිපිය මගින් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී.ජයතිලක මහතාට සභාපතිවරයා විසින් නියෝග කර තිබුනේ අප විසින් යොමුකල පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර ඊළඟ කොමිෂන් සභා රැස්විමට වාර්තාකරන ලෙසයි.
තත්ත්වය එසේ පවතිද්දි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන මාධ්‍ය ආයතනයක් වන Trymas Media Network (Pvt) Ltd සදහා කොමිෂන් සභාව විසින් කේබල් නාලිකාවක් පවත්වාගෙන යැමට අවශ්‍ය බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය මේ හරහා ප්‍රකාශ කරමු.

පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූව රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන ලියාපදිංචි නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් හරහා ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ ආර්ථිකයට කල මහත් බලපෑම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් කර ඊට සම්බන්ධ පාර්ශවයන් හට නීතිය ක්‍රියාත්මක කරන තෙක් අලුත් කේබල් නාලිකාවකට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිම සමාජ සාධාරණතමක මුලධර්ම උල්ලංඝනයක් බව තරයේ අවධාරණය කරමු.

කේබල් නාලිකාවක් පවත්වාගෙන යැමට අවශ්‍ය බලපත්‍රයක් ඉල්ලා ඇති අදාළ ආයතනය හරහා උතුරේ ක්‍රියාත්මක වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් නීතියට මුවාවී ජාතික අරක්ෂාවට බලපෑම් කිරිමට අවශ්‍ය අවකාශ සපුරා ගැනිමට කුමන්ත්‍රණය කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

ඒ හේතුවෙන් Trymas Media Network (Pvt) Ltd සඳහා කේබල් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරිමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස විරුද්ධත්වය පලකරන අතර වහාම නව බලපත්‍ර නිකුත් කිරිමට පෙර ජාතික ආරක්ෂාව අනතුරේ දමමින්, රටේ බදු මුදල් ගෙවිම පැහැර හරිමින් ක්‍රියාත්මක වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් වහාම නතර කරන ලෙසත්,ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අප ඉල්ලා සිටිමු.

ස්තූතියි!
මෙයට,
චතුරංග ද අල්විස්
සභාපති
වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවට භාරදුන් පැමිණිල්ල.

හිටපු ජනාධිපති ලේකම්,කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා නිසී පරික්ෂණයක් කරන ලෙස ඉල්ලමින් කොමිෂන් සභාවට යැවු ලිපිය. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීති විරෝධි කේබල් නාලිකාවලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නීතිගත කිරීමේ කුමන්ත්‍රණයක්!
නීති විරෝධි කේබල් නාලිකාවලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නීතිගත කිරීමේ කුමන්ත්‍රණයක්!
http://am.lk/media/k2/items/cache/bbdad680d9bcad3df2a00d642578b915_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_442.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_442.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy