කොළඹ මුහුද ආසන්නයේ ගිනි ගැනීමට ලක්ව විනාශ වූ Xpress pearl නෞකා අනතුර නිසා මෙරටට සිදු වූ හානියට අදාළව අයකරගත යුතු වන්දි නොගෙන අල්ලසක් ලබා ග...
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් කරුණු විමසිය යුතු බවත් දන්වා මෙම පැමිණිල්ල කරන බවද හෙතෙම පැවසීය.
අධිකරණ අමාත්‍යවරයා මේ මොහොතේ සිදු කළ යුත්තේ එම නෞකා අනතුරෙන් අල්ලස් ගත් පුද්ගලයන්ට දඬුවම් පමුණුවා එම මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යවරයා මේ මේ මොහොතේ සනාථ කර ඇත්තේ තමන් මීට පෙර මේ පිළිබඳව ඉදිරිපත් කරන ලද කරුණු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

COMMENTS