යහපාලන රජය බලයට පත් විමෙන් පසුව සමාජයේ විවිධ කොටස් විවිධ අසාධාරණ වලට ලක් කල බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ම...
යහපාලන රජය බලයට පත් විමෙන් පසුව සමාජයේ විවිධ කොටස් විවිධ අසාධාරණ වලට ලක් කල බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවසිය.
නාමල් රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ තරුණ සමුළුව අමතමිනි.
එම සමුළුව ඊයේ (29) ගිනිගත්හේන සමුපාකාර ශාලාවේදි පැවැත්විණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ආගමික නායකයින්, වැඩ කරන ජනතාව , ධිවරයා වතු කම්කරුවන් සහ තරුණයින් මෙම අසාධාරණයට ලක් කර ඇති බවයි.
අද රට තුල පාතාලය රජ කරන බවත්, ඉල්ලිම් ලබා ගැනිම සදහා පෙලපාලියේ යෙදෙන තරුණයන්ට සහ විශ්ව විද්‍යාල සිසුන්ට පොලිසියෙන් පහර දෙන යුගයක් නිර්මාණය වි ඇති බවත් පැවසීය.
මෙම රැස්විමේදි අදහස් දැක්වු ඒකාබද්ධ විපක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සි.බි රත්නායක මහතා කියා සිටියේ 2020 වසරේ මේ රටේ ජනාධිපති අපේක්ෂක වන්නේ වෙන කිසිවෙකු නොව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බවයි.
එල්ලුම් ගස යලිත් රට තුල ක්‍රියාවට නංවන බව රටේ ජනතාවට ඒත්තු ගන්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ තවත් අණ පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවත් මේ රටේ පැවති යුද්ධ අවසන් කර මේ රටේ විශාල සංවර්ධනයක් සිදු කල එකම නායකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බවද සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේය.
මෙම තරුණ සම්මේලනය අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) එල්.පි ජයසංඛ පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබුණි.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS