රාජිත සේනාරත්න ඇමතිවරයාට විරුද්ධව මහින්ද පිල විසින් කඩිමුඩියේ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා ලෙස විශ්‍රා...
රාජිත සේනාරත්න ඇමතිවරයාට විරුද්ධව මහින්ද පිල විසින් කඩිමුඩියේ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා ලෙස විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව එම පිලේ ආරංචි මාර්ගවලින් හෙළි වේ.
එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ හේතු දැක්වීමකින් තොරව මෙම උපදෙස් ලබාදී ඇති බවය. රාජිත සේනාරත්න ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව භාරදී මේ වනවිට මාසයකටත් වැඩි කාලයක් ගත වී ඇති අතර යෝජනාවට පක්ෂව ඡන්ද දෙන බව ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කර සිටියේය.
යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීම පිළිබඳව දින නියම කර ගැනීමට තිබියදී මහින්ද පිලේ කිසිවෙකු ඒ සඳහා ඉදිරිපත් නොවී සිට ඇත. මේ පිළිබඳව කළ සොයාබැලීමකදී හෙළි වූයේ එය ඉදිරියට ගෙන යාම සඳහා බලපෑම් නොකරන ලෙස විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන බවය.
මේ ආකාරයට මහින්ද පිල විසින් අවස්තා ගණනාවකදී රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සඳහා කතා නායකවරයා වෙත අත්සන් ලේඛන බාර දුන්නද එම බොහෝමයක් විශ්වාසභංග යෝජනා යළි හකුලා ගන්නා ලදී.
COMMENTS