‘ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ල...
‘ඇතම් මාධ්‍ය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමට දරණ උත්සහය ගැන කණගාටු වෙනවා’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
‘පසුගිය සතිය තුල අපි දැක්කා සමහර මාධ්‍යයන් මධ්‍යම අධිවේගී මාර්ගය කඩාකප්පල් කරන්න හදනවා ඊර්ෂ්‍යාවට . මේක ඊර්ෂ්‍යාවක් . මේ ප‍්‍රදේශ වල සමහර අය ඉන්නවා මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න, කුමන්ත‍්‍රණය කරන අය . මොකද ඒ අයට අවුරුදු 20 ක් පමණ මධ්‍යම අධිවේගී මාර්ගය කරගන්න බැරි වුනා. පසුගිය රජය වසර 20 ක් රට පාලනය කලා. චන්ද්‍රිකා මැතිණිය අවුරුදු 10 ක් , මහින්ද රාජපක්ෂ අවුරුදු 10 ක් . ඒ අයට කරන්න බැරි වූ දේ මේ රජය කරනවා කියලා මේ මාර්ගයට නොයෙක් අවලාද නගනවා . ඒ අවලාද වලට ගරු අගමැතිතුමා පැහැදිලිව පිලිතුරු දුන්නා. පැය භාගයක් කථා කරලා පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දුන්නා
එක්තරා මාධ්‍යයක් අහනවා මේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය හදන්නේ මොකටද කියලා . මේ වගේ සිල්ලර කතා වලට උත්තර දෙන්න රජයට වෙලාවක් නැහැ. ඔය මාධ්‍ය වලින් මෙහෙම පහර ගහන කොට මේ ව්‍යාපෘතිය සඳහා මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය වෙනවා. මේ හදන්නෙ භය කරන්න. මෙහෙම පහර පිට පහර දීලා මෙයට මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් භය ගන්වලා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවත්තන්නයි හදන්නේ. මම මේ අයට කියනවා මහනුවර අධිවේගී මාර්ගය කියන්නේ එසේ මෙසේ මාර්ගයක් නොවෙයි. ශ‍්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීමට එන මාර්ගයක් . එහෙම මාර්ගයක ඉදිකිරීම කඩාකප්පල් කරන්න උත්සාහ කිරීම ගැන කණගාටු වෙනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ව සංවිධානය කරන මාර්ග සති 09 වන අදියර ‘පාතදුම්බර පුබුදුව’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
COMMENTS