දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමාපිය උරුමයක් බවට මේ රටේ දේශපාලනය පත්වෙලා - චන්ද්‍රිකා
Homeප්‍රවෘත්ති

දෙමාපිය උරුමයක් බවට මේ රටේ දේශපාලනය පත්වෙලා - චන්ද්‍රිකා

PropellerAds

මවගෙන් පුතාට හෝ දියණියට එසේ නැත්නම් මාමණ්ඩිය හෝ නැන්දම්මාට එය උරුමකර දෙන ව්‍යාපාරයක් බවට වර්තමානයේදී පත් කර ගෙන ඇතැයි ඇය සදහන් කළාය. දේ...

දැඩි විදුලි අර්බුදයක්.. ඉල්ලුම 4.5GW තෙක් ඉහල නගී !
UNP ආණ්ඩුවේ නොවැම්බර් වියදම කෝටි දෙදහ පනී !
හොරුන්ට, දූෂිතයන්ට, තැබෑරුම්කාරයන්ට, නළු නිලියන්ට, ආගමික අන්තවාදීන්ට නාම යෝජනා දෙනු එපා – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගෙන් ජනපතිට සංදේශයක්
දෙමාපිය උරුමයක් බවට මේ රටේ දේශපාලනය පත්වෙලා - චන්ද්‍රිකා


මවගෙන් පුතාට හෝ දියණියට එසේ නැත්නම් මාමණ්ඩිය හෝ නැන්දම්මාට එය උරුමකර දෙන ව්‍යාපාරයක් බවට වර්තමානයේදී පත් කර ගෙන ඇතැයි ඇය සදහන් කළාය.

දේශපාලනික වශයෙන් බලයට පත්වන සියලු දෙනා රටේ වත්කම් හා සම්පත් හැකිතරම් සූරාකෑමට උත්සහ කරන බව ඊයේ ( සැප් 18) මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැති උත්සවයකදී ඇය මේ බව සදහන් කළාය.
දිවංගත අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 34 වන ගුණසැමරුම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රිකයේ ප්‍රතිලාභීන් 600කට සිය ඉඩම් සදහා ඔප්පු ප්‍රදානය කිරීම එහිදී සිදුවිය.

යහපාලනය යනුවෙන් අදහස් කරන රටක, පාලක පක්ෂය රට පාලනය කළ යුත්තේ රටේ අභිවෘද්ධිය සදහා යැයි කී හිටපු ජනාධිපතිනිය තව දුරටත් මෙසේ සදහන් කළාය.

රජ කාලයේ සිටම වසර දෙදහස් පන්සියයක කාලයක සිට රජවරු ජනතාව වෙනුවෙන් රජකම් කළා. ලංකාවේ ඒකාධිපති රජවරු සිටියේ නැහැ. ජනතාව සමග සමීපව, රටේ යහපත සදහා එම රජවරු කටයුතු කළා.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ රජයක් බලයට පත් කරන්නේ ජනතාවයි. රජය බලයේ සිටින්නේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමටයි. දේශයේ ආරක්ෂාව හා රටේ වත්කම් ආරක්ෂා කර ගැනීම සදහා රජයට පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. රට පාලනය කරන පාලකයා සිය සාක්කුව පුරවා ගැනීමට කටයුතු කළ යුතු නැහැ.

ජනතා සේවය යනු ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලය හා සියල්ල කැප කිරීමයි. නමුත් මම කියන්නේ නැහැ, සමහර දේශපාලඥයන් මෙන් සියලු දේ කැපකරන්න කියලා. වර්තමානයේදී එසේ කළොත් යළි සොරකම් කිරීමට ඔහුට සිදුවෙනවා.

තමන්ගේ දේපොල ආරක්ෂා කර ගනිමින්, ජනතාවගේ සම්පත් කොල්ල නොකා ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමයි යහපාලනය යනුවෙන් අදහස් කරන්නේ. අවංකව මිනිස් නිදහස ආරක්ෂා කරන අතර ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යහපාලන ආණ්ඩුවක් විසින් සිදු කළ යුතුව තිබෙනවා.

එවැනි පාලකයෙකු වශයෙන් දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතා හැදින්විය හැකියි. දේශපාලනයේදී ඔහු කිසිදු සම්පතක් උපයා ගැනීම කළේ නැහැ. අමාත්‍යධූරයෙන් ඉවත්වූ පසු එතුමා සිය ගම වන යටිනුවරට පැමිණියේ මගී ප්‍රවාහන බසයෙන්. අද එවැනි දේශපාලඥයන් මෙරට නැහැ. ඔහු සාමාන්‍ය මිනිසෙකු මෙන් ජීවත්වුණා.
මෙරට ජනතාව සදහා ඉඩම් සදහා අයිතියක් ලබාදීම සදහා දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විශාල කැපකිරීමක් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද රාජ්‍ය නිලධාරීන් හා ඉඩම් ප්‍රතිලාභීන් රැසක් මේ අවස්ථාව සදහා එක්විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමාපිය උරුමයක් බවට මේ රටේ දේශපාලනය පත්වෙලා - චන්ද්‍රිකා
දෙමාපිය උරුමයක් බවට මේ රටේ දේශපාලනය පත්වෙලා - චන්ද්‍රිකා
http://ift.tt/2xhXxc5
https://i.ytimg.com/vi/A_jGNuY4i-k/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_910.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_910.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy