මෙවර යල කන්නයේ අතිරික්ත සහල් නිෂ්ෂාදානයක් තිබුනහොත් තිරිගු පිටිවලට යම් බද්දක් පනවන්න යෝජනා කරණවා යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා ඊයේ ...
මෙවර යල කන්නයේ අතිරික්ත සහල් නිෂ්ෂාදානයක් තිබුනහොත් තිරිගු පිටිවලට යම් බද්දක් පනවන්න යෝජනා කරණවා යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා ඊයේ (28)ගාල්ල ලබුදුවේදි පැවසිය.
ලබුදුව රජයේ ගොවිපළේ පැවැත්වෙන දක්ෂිණ කෘෂි ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම ඇමතිවරයා මේ බව සදහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.
“මේ වතාවේ වි අස්වැන්න වැඩිවිමක් බලාපොරොත්තු වෙනව යල කන්නයේ බලාපොරොත්වුනාට වඩා හොද තත්වයේ අස්වැන්නක් එන බව පෙනවා. අපි සහල් ගෙන්විම නතර කරලා තියෙනවා. අවශ්‍ය වුවහොත් අතිරික්ත සහල් නිෂ්ෂාදානයක් තිබුනහොත් තිරිගුපිටිවලට යම් බද්ධක් පනවන්න යෝජනා කරණවා. මේවා ජනප්‍රිය යෝජනා නෙවෙයි. මේවාට විරුද්ධව කථා කරයි. පාන්පිටි ටික මිල වැඩිකරණවා කියලා කැගසාවි. අපේ ගොවියා ආරක්ෂා කරන්න ඕන. අපට එකපාරට කාබනික වගාවය යන්න බැරිවේවි නමුත් ක්‍රමානුකුලව රසායිනික පොහාර යෙදිම අඩුකරගනිමින් මිශ්‍රව කෘෂිකර්ම උපදෙස් අනුව තමයි ඊළග කාල පරිච්චේදය වගා කළ යුතු වන්නේ.”
“ගොවින්ගේ රක්ෂණය කරලා තියෙනවා වගා භෝග හයක් සදහා අපේ විරුද්ධ දේශපාලන කණ්ඩායම් කියනවා මේ ආණ්ඩුව ගොවියා දිහා බලන්නේ නැහැ මේ ආණ්ඩුවෙන් ගොවියාට සෙතක් නැහැ කියලා. මේක පට්ටල බොරුවක් මේක ගැන කථා කරන්න ඔනැම කෙනෙක් එක්ක සාකච්ඡාවකට විවාදයකට සුදානම් මා සංඛ්‍යා ලේඛක එක්ක ගෙනවිත් පෙන්වන්නම්. ගොවියාට ආණ්ඩුවක් සහන ලබාදුන්නා නම් වැඩිම සහන ලබාදුන්නු ආණ්ඩුව මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දරණ මේ ජාතික ආණ්ඩුව කියලා. ගොවියාට දෙන්න පුළුවන් සියලු සහනාධාර ලබාදිලා තියෙනවා. ඉදිරියටත් සහනාධාර ලබා දෙනවා.”යැයිද ඇමතිවරයා කිවේය.
(ලලිත් චාමින්ද)
COMMENTS