මේ වසරේ දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය ඊයේ (28) නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ දිනය තුළ රුපියල් බිලියන 213.48 ක් නිකුත් කර ඇති බව මහ ...
මේ වසරේ දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය ඊයේ (28) නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ දිනය තුළ රුපියල් බිලියන 213.48 ක් නිකුත් කර ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් විය.
මේ අතර රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල් ජසිරා රූපවාහිනි නාලිකාවට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ප්‍රකාශකර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයක පවතින බවයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
පසුගිය මාස 3 තුළදී අපේ රුපියල ස්ථාවර තත්ත්වයක තිබුණේ නැහැ. පොලි අනුපාතයත් එසේමයි. එහෙත් මේ වනවිට එහි යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. රට තුළ පැවති සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව නැවත තම ව්‍යපාරික කටයුතු ආරම්භ කර තිබෙනවා. කොටස් වෙළෙඳපොළ දිනෙන් දින වර්ධනයක් දකින්න පුළුවන්. දෛනික පිරිවැටුම හොඳ තත්ත්වයක තියෙනවා. මීට වඩා දර්ශක අවශ්‍ය ද? අපේ ආර්ථිකය ස්ථාවර බව පෙන්නුම් කරන්න.

COMMENTS