දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිපතිවරයාට සිහි කැඳවීමක්.
Homeගොසිප්

නීතිපතිවරයාට සිහි කැඳවීමක්.

PropellerAds

ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිත කළ වාහන නිසි පරිදි නැවත භාර නොදී අස්ථානගත කළ බව කියන සිද්ධියේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් ද වාස් ගුවර්ධන...

වාරණය අහිංසක ද? - අපිටත් මිළක් තිබේ ද?
රුවන් විජේවර්ධන කමිටු-වාර්තාව මෙන්න.
නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු මෙන්න…


ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිත කළ වාහන නිසි පරිදි නැවත භාර නොදී අස්ථානගත කළ බව කියන සිද්ධියේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් ද වාස් ගුවර්ධන ඇතුළු හතර දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ නීතිපතිවරයාට සිහි කැඳවීමක් යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(11) නියෝග කළාය.

මේ සිද්ධියට අදාළ දෙවන සැකකරු වන මොහොමඩ් ඉස්මයිල් අහමඩ් කබීර් නමැති අය විදේශ ගත වීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ දෙකක ඥාතියකුගේ ශරීර ඇපයක් මත ඔහුට විදේශගත වීමට අවසර ලබා දුන්නා.

එම සිද්ධියේ සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත සිටින හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධයක්ෂවරයකු ‍ලෙස කටයුතු කළ කීර්ති දිසානායක සමරසිංහ, මොහොමඩ් ඉස්මයිල් අහමඩ් කබීර්, දිසානායක, සුදත් අබේසිංහ, හිටපු අධීක්ෂණ මන්ත්‍රි සචින් ද වාස් ගුණවර්ධන යන අය අද අධිකරණයේ පෙනී සිටියා.

වසර 2015-01-14 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරි කොටුදුරගේ රන්ජිත් මහතා සිදු කළ පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශනවලට අනුව සිද්ධියේ නඩු ගොනුව උපදෙස් සඳහා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාට යොමු කර ඇත. මේ සිද්ධියට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 555ක් පමණක් ලේඛනගතව ඇති බවත් ඉන් 152ක් අස්ථානගත වී ඇති බව ද දන්වා ඇති අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා භාවිත කළ වාහන 309ක් භාර දී ඇති බව ද දන්වා ඇත. එහෙත් ලබා ගත් සාක්කි සහ සිදු කළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා වාහන 747ක්, ආරක්ෂක කටයුතු සඳහා වාහන 182ක්, රාජ්‍ය නිවේදන කටයුතු සඳහා 19ක් යොදවා ඇති බවට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති අතර ලේඛන ගතව ඇති වාහන විශාල ප්‍රමාණයක විස්තර ඇතුළත්ව නැති බව ද අධිකරණයට දන්වා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපතිවරයාට සිහි කැඳවීමක්.
නීතිපතිවරයාට සිහි කැඳවීමක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRIT44DyxmvHiLz-oR5v5SzyFFONb2dS49RL5OZXTzpR5d9nI2x0j9oXIE4W0_cf5tqW2TEjw1bzGF0PdMpvLFwKnfHRpaMYgv_NFvjbGRxJiLVWBmuKKtLvtFJlQ52onWYvhI-6gawpk/s1600/Justice.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRIT44DyxmvHiLz-oR5v5SzyFFONb2dS49RL5OZXTzpR5d9nI2x0j9oXIE4W0_cf5tqW2TEjw1bzGF0PdMpvLFwKnfHRpaMYgv_NFvjbGRxJiLVWBmuKKtLvtFJlQ52onWYvhI-6gawpk/s72-c/Justice.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_321.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_321.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy